ජොන්කුක්ගේ මමා ක්ලෝයිට සුප් එක පොවලා ගියාට පස්සේ ක්ලෝයි කල්පනා කලා... මමා කියපු දේවල් ගැන.
' ආදරේ..?? මම..?? ජොන්කුක්ට..?? '
පැය ගානක් පුරාවට ක්ලෝයි එයාගේ හිතෙන්.. ඒ ගැන ඇහුවා. දන්නෙම නැතුව හවස් වෙලා තියෙන්නේ ක්ලෝයිට පෙනුනේ බැල්කනි එකෙන් රෑම් එක ඇතුළට යන්තමින් ඇවිත් තිබුන මළානික හිරැ එළිය නිසයි.
ක්ලෝයි බෙඩ් එකෙන් බැහැලා ඇදගෙන හිටපු සැහැල්ලු ගවුමට උඩින් ජොන්කුක්ගේ කලු කෝට් එකක් දාගත්තා. කෝට් එක ජොන්කුක්ගේ... ම උනේ ඒවෙලාවේ හදිසියට අතට අහුඋනු නිසයි. රෑම් එකෙන් එළියට ආව ක්ලෝයි ස්ටෙයාකේස් එක බැහැගෙන ආවේ ජිමින්ව හොයන ගමන්.
" ජිමින්..."
" ජිමින්..."
" ජිමින්....ව..දැක්කද...? "
කිචන් එක පැත්තට ගිය ක්ලෝයි මේඩ් කෙනෙක්ගෙන් ඇහුවත් එයාට උත්තරයක් ලැබුනේ නැහැ.
" කොහෙ..ද මේ... ජිමින්.. ජි....මි....."
" මොකටද...? "
මැන්ශන් එකෙන් එළියට යන්න හදන ක්ලෝයි ඉස්සරහාට ආව යුන්ගි ඇහුවා. සුදුමැලි පාට.. කිසිම හැඟීමක් දැනිමක් නැති යුන්ගිව දකිද්දි ක්ලෝයි එකපාරම බය උනත් ආයමත් එයා මතක් කරගත්තා... ඒ ඉන්නෙත් වැම්පයර් කෙනෙක් කියලා.
' එයාට ඒත් ටිකක් හොල්මන් පෙනුමක් තියන්නේ... '
ක්ලෝයිගේ හිත කියද්දි ක්ලෝයි ඉක්මනින් ඔලුව ගසලා හරි සිහියට ආවා.
" මේ... කො... කො ජිමින්...? "
" ඩන්ජන් එකේ.."
යුන්ගිගේ කලු පාට ඇස් දකිද්දි ක්ලෝයිට බයක් ඇති උනත් එයා අහන්න ඕන එක කෙලින්ම ඇහුවා.
" මට.. මේ එතනට යන්න බැරිද.. ඩන්ජන් එකට...? "
" ජොන්කුක්....! "
" කින්ග් නිසාද...? "
ක්ලෝයි අහද්දි යුන්ගි කිසිම ගානක් නැතුව කියලා දැම්මා. එයාගේ හිතේ තිබුන එක යුන්ගි එකපාරම කියද්දි ක්ලෝයි ගැස්සිලා ගියත් එයා ඉක්මනින් ඔලුව උඩ පහළ කලා. ක්ලෝයි දිහා බලන් හිටපු යුන්ගි හැරිලා ආපහු යද්දි ක්ලෝයි එයා පස්සෙන් ආවා. මැන්ශන් එකෙන් පිටිපස්සට එයාලා ඇවිදන් ආවා. ක්ලෝයි මේ මැන්ශන් එකේ පිටිපස්ස දකින පළවෙනි වතාව.
YOU ARE READING
THE JEON OF COUNT DRACULA'S' || JJK || COMPLETED
Fanfiction" I feel you from your blood scent darling..! " A Jeon Jungkook Fanfiction By AYO Start : 2023.07.06. End : 2023.07.21.