There will be violent incidents in this part. If you are uncomfortable with those incidents please skip this part.
And if you are going to read....
Read at your own risk.__________________________________
තනිකරම අඳුර විතරක් පිරිලා තිබුන විශාල බිම්මහලට තිබුනේ තනි සුදු ලයිට් එළියක්. ඒ බල්බ් එක යටටම පොළව මට්ටමට වඩා ටිකක් උඩට වෙන්න පන්චින් බෑග් එකක් එල්ලා තිබුනා. ලයිට් එළියෙන් ආලෝකමත් වෙලා තිබුනේ පන්ච් බෑග් එකත් එක්කම හරිම අඩු පරාසයක්. කලු පාට පන්චින් බෑග් එක සාමාන්‍යය පන්චින් බෑග් එකකට වඩා තරමක් විශාල එකක්. ජොන්කුක් හිටියේ එයාගේ රතු බොක්සින් ග්ලවුස් දාගෙන ඒවට පන්ච් කරන ගමන්. ජොන්කුක් පන්ච් කරන සද්දේ ඇරෙන්න අඳුරැ බිම් මහලෙන් ඇහුනේ බිලී අයිලිෂ්ගෙ Bad Guy Song එක. ප්ලේ වුන සෝන්ග් එකට වයිබ් වෙන ගමන් ජොන්කුක් බෑග් එකට පන්ච් කරේ තරමක උද්යෝගයකින්. දාඩිය දාලා හිටියා උනත් එයා හිටියේ වෙහෙස කියන සීමාවකවත් නෙවෙයි.
සිංදුව ඉවර වෙනවත් එක්කම ජොන්කුක් පන්ච් කරන එක නවත්තලා හොඳ හුස්මක් ගත්තා. දාගෙන හිටපු රතු පාට බොක්සින් ග්ලවුස් දෙක ගලවන ගමන් ජොන්කුක් උඩ බැලුවා. ඒ එක්කම ලයිට් එක එල්ලා තිබුන යකඩ බාර් එකේ එල්ලිලා හිටපු දම් පාට ඇස් තිබුන වවුලා පන්ච් බෑග් එක දිහාවට පියඹගෙන ආවා. පන්ච් බෑග් එක රඳවලා තිබුන කේබල් එක වවුලාගේ කකුලේ තිබුන තියුණු නියවලට අහුවෙලා කැඩිලා ගියා. පන්ච් බෑග් එක බිමට දග් සද්දෙන් වැටෙනවත් එක්කම දම් පාට වවුලා එයාගේ මිනිස් ස්වරූපයට ඇවිත් පොළොවෙන් හිටගත්තා.
" ම්මම.... මීට්බෝල්ස් චොප් කරලා වගේ තියෙයි දන්නැ..."
කටකොනට ආව හිනාවක් එක්ක කියපු ජිමින් පන්ච් බෑග් එක දිහාවට පාත් වුනා. තමන්ගේ බූට්ස්වල හංගලා තිබුන කිනිස්සක් ඇදගත්ත ජිමින් පන්ච් බෑග් එකේ ඕපන් එක කපලා දැම්මා. නැගිටින ගමන් ජිමින් පන්ච් බෑග් එක කකුලෙන් ඇද්දා. එළියට ආවේ ලේ පිරැනු තැලුනු අතක් වෙද්දි ලේ සුවඳ අඳුරැ බිම්මහල පුරා පැතිරි යද්දි එයාලාගේ වැම්පයර්ස් නහර ඉල්ලිපිලා ආවා. පන්ච් බෑග් එකෙන් ලේ ගලන් එද්දි බිම් මහලේ අඳුරැ මුල්ලකට වෙලා ඇස් වහගෙන හිටපු යුන්ගිගේ ඇස් ඇරැනේ තද කලු පාටට හැරිලා.
YOU ARE READING
THE JEON OF COUNT DRACULA'S' || JJK || COMPLETED
Fanfiction" I feel you from your blood scent darling..! " A Jeon Jungkook Fanfiction By AYO Start : 2023.07.06. End : 2023.07.21.