ක්ලොයි එයාගේ ඇස් ඇරියත් ආයමත් වහගත්තේ මූණට වැටුනු එළිය එකපාරම දරාගන්න බැරි වුන නිසයි. රෑම් එකේ ඔන් වෙලා තිබුන ලයිට්ස් ඒ එක්කම ඩිම් වෙලා ගියා. ක්ලෝයිගේ නහයට දැනුනේ සඳුන් මුහු වුන නැවුම් සුවඳක්. එයාගේ නළලින් සීතල තෙත රෙදි කැබැල්ලක් රදවලා තිබුනා. තොල් අඟින් ක්‍රීම් එකක රසක් වගේම එයාගේ වම් අතෙන් පුංචි වේදනාවක් දැනුනා. කොලබෝන් එක ගාවින් දැනුන වේදනාව ක්ලෝයිට පුරැදු විදියටම දැනෙද්දි එයා එයාගේ වම් අත දිහා බැලුවා.
එයාගේ වම් අතට කැනියුලා එකක් සෙට් කරලා තිබුනේ බෙඩ් එක ගාවින් සේලයින් එකකුත් සෙට් කරලයි. ඒ ළඟම තිබුනු සයිඩ් ටේබල් එක උඩ තිබුනේ එයා ස්ට්‍රීමර් එකක්. ඒකෙන් පිටවුන සීතල හුමාලය එක්ක සඳුන් සුවඳ රෑම් එක පුරාම පැතිරිලා තිබුනා. ක්ලෝයිට දැනුනා සම්පූර්ණ නිරැවතින් එයා හිටියත් එයාගේ සිරැරට සුවපහසු බවක්. ඩුවට් එක යටින් එයාගේ සිරැර දිහා බලද්දි ක්ලෝයිට පෙනුනේ කලු පාට කැල්වින් ක්ලේන් ටිකක් ලොකු ටී ශර්ට් එකක් විතරක් එයාගේ ඇඟේ තියන බව. ඒකෙන් එයාට සැහැල්ලු බවක් දැනුනා. ඒ එක්කම ක්ලෝයිට ඇහුනේ අඩි සද්දයක්.
' ජොන්කුක්...'
දකින්න මහන්සි නොවුනත් ඒ අඩි සද්දෙන් කවුද කියන්න ක්ලෝයි දැනගෙන හිටියා. මේ තරම් වෙලාවක් ක්ලෝයි දිහා ඈත ඉදන් බලන් හිටපු ජොන්කුක් ළඟට ඇවිත් ක්ලෝයිගේ නළලේ තිබුන රෙදි කෑල්ල අයින් කරලා දැම්මා.
" මැරිච්ච මළමිනියක් වගේ ඉන්නෙක නවත්තලා නැගිටිනවා.."
" වැම්පයර්ස්ලාට පණ තියන මළමිනි කිව්වට තමුසෙව දැක්කම තමා.. එහෙම එකක් හිතෙන්නේ..."
ක්ලෝයිව නැගිට්ටවලා හෙඩ්බෝඩ් එකෙන් හේත්තු කරවන ගමන් ජොන්කුක් කිව්වා. ජොන්කුක් මේ තරම් කතා කලත් ක්ලෝයි කලේ ජොන්කුක් දිහා කිසිම වතාවකවත් නොබලා අහක බලන් හිටපු එකයි. ජොන්කුක්ගේ කේන්තිය තරමක් පහවෙලා තිබුනත් එයා රළු විදියටම ක්ලෝයිට කතා කලා.
ඒ එක්කම මේඩ් කෙනෙක් රෑම් එක ඇතුළට ආවේ සුප් එකක් අරගෙනයි. මේඩ්ව යවලා සුප් එක අතට ගත්ත ජොන්කුක් ඒක අරගෙන ක්ලෝයිට ළං වෙලා බෙඩ් එකෙන් ඉදගත්තා.
YOU ARE READING
THE JEON OF COUNT DRACULA'S' || JJK || COMPLETED
Fanfiction" I feel you from your blood scent darling..! " A Jeon Jungkook Fanfiction By AYO Start : 2023.07.06. End : 2023.07.21.