03. Tyre Puncture

644 138 10
                                    

වෙලාව රාත්‍රි දහයත් පහුවෙලා තිබුනා. ක්ලෝයි එයාගේ ලීව් එක සයින් කරන්න එයාලට තිබුනු පොත ගන්න නර්ස්ලා හිටපු තැනට ගියා. එයා එතනට යද්දි නර්ස්ලා හිටියේ එක එක දේවල් ගැන හිනාවෙමින් කතා කරන ගමන්. ක්ලෝයි එයාගේ සයින් එක දැම්ම ගමන්ම එයාගේ ෆෝන් එක ලාවට වයිබ්‍රෙට් වෙලා ගියා.

From Tailer :

Meet me at the parking lot......
I am waiting.

ටේලර්ගෙන් ඇවිත් තිබුන ටෙක්ස් මැසේජ් එක දකිද්දි ක්ලෝයිගේ මූණට පුංචි හිනාවක් මතුවුනා. මෙහෙට ඇවිත් ගත වුන මාසෙට ටේලර් එයාට හුඟක්ම සමීප වෙලා තිබුනා. එයාලා එකට කෝපි බිව්වා වගේම ලන්ච් එක වගේම ඩිනර් එකත් එළියෙන් අරගෙන තිබුනා. එයාලා අද මේ මහ රෑ යන්න ලෑස්ති වුනේ බයික් රයිඩ් එකකට. මොකද ටේලර්ගේ හොන්ඩා CBR එකට ක්ලෝයි හිටියේ ලොකු කැමැත්තකින්.

ඒක ටේලර් දැනගත්ත ගමන්ම ක්ලෝයිව රයිඩ් එකකට එක්කගෙන යන්න දැගලුවා. දවස් දෙක තුනකට පස්සේ ටේලර් වගේම බයික් එකේ යන්න තිබුනු ආසාව නිසාම ⁣ක්ලෝයි ඒකට කැමති උනා. ක්ලෝයි ලෑස්ති වුනේ ඉක්මනින් චේන්ජ් කරගෙන පහළට යන්න. ඒත් එයා එතන ටිකක් නතර වුනේ නර්ස්ලාගේ කතා නිසා වගේම එතනින් එහාට ගිය ඇටෙන්ඩන් නිසයි.




" ගෝඩ්.... එයා කොච්චර හැන්ඩ්සම්..ද.."



" මිස්ටර් ජෝන්ව... මෝග් (Morgue) එකේ වැඩ වලට කවුරැ දැම්මද මන්දා.... නේ... මං කියන්නේ එයා වගේ..... කෙනෙක්.... "






ඇටෙන්ඩන් එතනින් ගියාට පස්සෙත් ඒ යන දිහා බලන් නර්ස්ලා කියන දේවල් ⁣ක්ලෝයිට ඇහුනා. එළියට ගිය කෙනාගේ ටැටූ කරපු දකුණු අත නිසා ක්ලෝයිට මතක් උනා කලින් දවස්වල ඩෙඩ් බොඩීස් අරගෙන ගිය ඇටෙන්ඩන් එයා කියලා. විනාඩියක් විතර එතන හිටපු ක්ලෝයි ඉක්මනින් එයාගේ රෑම් එකට ගියා.

කලු පාට ලෙදර් පෑන්ට් එකකට වයිට් ක්‍රොප් ටොප් එකක ඇදලා කලු පාටම ලෙදර් ජැකට් එකක් දාගත්ත ක්ලොයි ඉක්මනින් පහළට ගියා. පාකින් එකට යද්දිම එයාට ටේලර් හොන් කලා. ටේලර් දුන්නු හෙල්මට් එක දාගත්ත ක්ලෝයි බයික් එකට නැග්ගා.


THE JEON OF COUNT DRACULA'S' || JJK || COMPLETED Where stories live. Discover now