ජොන්කුක් පිටවුන වෙලාවේ ඉදන් ක්ලෝයි කලේ බෙඩ් එකට ගුලි වෙලා ඔහේ බලන් හිටපු එක. කරන්න ඕන දෙයක්... එයාට වෙලා තියන දේ ගැනවත් තරම් හිතන්න ක්ලෝයි මහන්සි උනේ නැහැ. ජොන්කුක්ගේ බය හිතෙන ඇස්වල තිබුනු බැල්ම මැවි මැවි පෙනෙද්දි එයාට මෙතනින් පැනලා යන්න බැහැයි කියන ක්ලෝයිට දැනුනා. උදේ වෙලා එයා දැනගත්තේ ටිකකට කලින් මේඩ් කෙනෙක් එයාට ගෙනත් දුන්නු බ්‍රෙක්ෆස්ට් එක නිසයි. කලු පාට රෑම් එක සම්පූර්ණයෙන්ම කලු පාට බිත්ති.. වගේම තිර රෙදිවලිනුත් ආවරණය වෙලා තිබුන නිසා හැමදෙයක්ම අඳුරැ වෙලා තිබුනා.
" ඒ...ඒත් ඇයි මම මෙහෙ ඉන්නේ... ජො...න්කුක්... ඇයි මාව තියන් ඉන්නේ... ම.. ම... එයාලාව මෝග් එකේදි දැක්ක නිසා..ද... එයා... එයා.. කවුද...? "
ක්ලෝයි තමන්ටම මුමුණ ගත්තා. පැය ගණන් ඔහේ වේගයෙන් ගත උනත් ක්ලෝයිට ඒ ගැන ගානක් තිබුනේ නැහැ. ඒ එක්කම මේඩ් ආයමත් කෑම තිබුන ට්‍රොලි එකක් තල්ලු කරගෙන රෑම් එකට එද්දි ක්ලොයි ගැස්සිලා ගියා. ක්ලෝයි බලන් ඉද්දි ටේබල් එක උඩ තියලා ගිය විදියටම තිබුනු බ්‍රෙක්ෆස්ට් එක අයින් කරලා ක්ලෝයිගේ ලන්ච් එක එතනින් මේඩ් ලෑස්ති කලා. මේඩ් ආපහු යන්න ලෑස්ති වුනත් බෙඩ් එකෙන් නැගිට්ට ක්ලෝයි ඉක්මනින් එයා ගාවට ඇවිත් එයාගේ අතකින් අල්ලගත්තා.
" ප්ලීස්....ම..ට කියනවද.. මම... මේ කොහෙ..ද...ඉන්නේ...කියලා... ප්ලීස්..."
" මයි ලේඩි.... අපි ඉන්නේ ජෝන් මැන්ශන් එකේ... "
ක්ලොයි අහද්දි ක්ලෝයි දිහා කෙලින්ම නොබලපු මේඩ් ඔලුව මදක් පහත් කරගෙන කිව්වා.
" ඒ..ක... එයාගේ කියන්න මම දන්නවා.. මම කියන්නේ.. අපි ලොස් ඇන්ජලීස්වලමද... ඉන්නේ..? "
" යස් මයි ලේඩි..."
" ලේ...ලේඩි... කියන්නේ.. ආහ්හ.. එහෙම කියන්න එපා... ම...ට... කියන්න ජොන්කුක්.. ඇයි.. මාව තියන් ඉන්නේ... ජොන්කුක් කවුද...? "
" සොරි මයි ලේඩි.... ඒක ගැන නම් මම දන්නේ නැහැ... ලෝඩ් අපේ වැම්පයර් කින්ග්.. කවුන්ට් ඩ්‍රැකියුලාගේ එකසිය විසිහත්වෙනි මුනුබුරා..."
" මොකා.. ගේ කිව්වා...? "
ක්ලෝයි පුදුමයෙන් බලන් ඉද්දි මේඩ් ලෑස්ති වුනේ ට්‍රොලි එක තල්ලු කරගෙන එතනින් යන්න. මොකද ක්ලොයි අහන දේවල් වලට උත්තර දෙන්න මේඩ්ට තවත් හැකියාවක් දැනුනේ නැහැ. ඇරත් එයාලාගේ ලෝඩ්... මේවා දැනගෙන එයාට දරැණුවට සලකයි කියන බය මේඩ්ට තිබුනා. ඒත් මේඩ් දොර ගාවට ට්‍රොලි එක තල්ලු කරන් ආවම ක්ලෝයි ආයමත් ඉක්මනින් එයා ගාවට ගිහින් ට්‍රොලි එක අල්ලගත්තා.
" මේවා... ඇත්ත නේද..? ජො..න්කුක්.. මට යන්න දෙන එකක් නැද්ද...? එයා මාව තියන් ඉන්නේ.. ලේ ගන්නද..? "
ක්ලෝයිගේ ඇස්වලට කඳුලු පිරිලා තිබුනා. එයා මේඩ් දිහාම බලන කිව්වත් එයාගේ හඬ බිදිලා තිබුනා.
" මම දන්නේ නැහැ.... ලන්ච් එක ගන්න මයි ලේඩි.. මම යන්නම්.."
මේඩ් කියද්දි ක්ලෝයි එයාගේ වෙව්ලන අත් ට්‍රොලි එකෙන් එහාට ගත්තා. මේඩ් ගියාට පස්සේ ක්ලෝයි එතනම බිමට ඇදන් වැටුනා. කාත් කවුරැවත් නැතුව ජීවත් උනත් ක්ලෝයිට එයාගේ ජීවිතය තිබුනා. ගත වුන අවුරැදු විසිහතරටම... ඒත් දැන් එයාට දැනුනේ එයාට එයාවම නැති වෙලා කියලා. ක්ලෝයිගේ ඇස්වලින් පිටතට ආපු කඳුලු පේළියක් එයාගේ කම්මුල් දිගේ පහළට ගලන් ගියා.
_________________________________
අද තව එකක් පුලුවන් උනොත් දෙනවා..
YOU ARE READING
THE JEON OF COUNT DRACULA'S' || JJK || COMPLETED
Fanfiction" I feel you from your blood scent darling..! " A Jeon Jungkook Fanfiction By AYO Start : 2023.07.06. End : 2023.07.21.