ක්ලෝයි හිටියේ එයාගේ ඇස් ඉස්සරහා තිබුනු දේවල් දිහා පුදුමයෙන් බලාගෙන. ස්ටේඩියම් එක මැද තිබුනු ස්ටේජ් එකේ රතු පාට නියෝන් ලයිට් වලට මැදිවෙලා හිටපු ඇටෙන්ඩන් හිටියේ එකවර දෙන්නෙක් එක්ක ගහගහන්න ගමන්. රතු පාට ලයිට් එලි නිසා එයාගේ අත්වල වගේම මුහුණ පුරා තිබුනු ලේ පෙනුනේ තද කලු පාටට.
ඒක නිතීවිරෝධි සටන් වළල්ලක් කියලා ක්ලෝයිට තේරැනා. ඇටෙන්ඩන්ට විරැද්ධ තරැණයෝ දෙන්නෙක්ම හිටියත් ඇටෙන්ඩන්ට ඒ හැමෝම හරිම ලේසියෙන් එහාට මෙහාට දැම්මේ අමුතු හිනාවක් මූණේ තියාගෙන. ඒක බයහිතෙන හිනාවක්. ක්ලෝයිට හිතුනා ඇටෙන්ඩන් වගේ කෙනෙක්ට ඒ හිටපු මිනිස්සු දෙන්නා පුංචි සත්තු දෙන්නෙක් වගේ කියලා. ස්ටේඩියම් එක මිනිස්සුන්ගෙන් පිරිලා ගිහින් තිබ්බා. ඒ හැමෝම එකම විදියට කෑ ගැහුවා.
" LORD..........!!!
.
.
.
.
LORD.........!!!
.
.
.
.
LORD..........!!! "" Kill THEM..........!!! "
එතන හිටපු හැම කෙනෙක්ගෙම කටේ තිබුනේ ඒ දෙක වෙද්දි ඒ මිනිස්සු වියරැවෙන් වගේ හිනාවෙන ගමන් කකුල් බිමට ගැහුවා වගේම අත් වල තියන සමහර දේවල් වලින් එකම විදියට ගැහුවා. ඒ හඬ තමයි ක්ලෝයිට මුලින්ම ඇහිලා තිබුනේ. එතන වෙන දේවල් පැහැදිලි නොවුනත් මෙතන මිනිස්සු මරනව ද කියන එක ගැන ක්ලෝයිගේ හිත ප්‍රශ්න කලා.
උඩුකය නිරැවත්ව හිටිය ඇටෙන්ඩන්ගේ සිරැර පුරා කලු පාටට ලේ පැල්ලම් දිලිසෙමින් තිබුනා. ඒත් ඒ එකක්වත් එයාට උනු දේවල් නෙවෙයි. එයා නිසා ලේ හෙල්ලුනු මිනිස්සුන්ගෙන් එයාට ලැබුනු දේවල්. එයාගේ මුහුණේ පැත්තක්ම භාගයක විදියට ලේ වලින් වැහිලා ගිහින් තිබුනා. ඇටෙන්ඩන්ගේ පුළුල් පපුව දිගේ ලේ පැල්ලම් ගලාගෙන ගියා වගේම පිටිපස්සෙන් බෙල්ල ගාව ඉදන් දාඩිය පේළි ගලන් යනවා. ඒ හැම දෙයක්ම එයාගේ සිරැරේ තිබුන රේඛා අතරින් හිමින් හිමින් ගමන් කලා. ඇටෙන්ඩන්ගේ ටැටු කරපු අත රතු පාට නියෝන් එළි අතරේ හරිම භායනක විදියට පෙනුනා. එයාගේ මුහුණේ තිබුනේ ඊට නොදෙවනි භායනක හිනාවක්. ඒ ගතිය වැඩි කරන්න එයාගේ අයිබ්‍රෝ පියර්සින් එක.. ලිප් පියර්සින් එක වගේම දාලා තිබුනු ඉයරින්ග්ස් හේතුවක් වෙලා තිබුනා. එයාගේ ඇඟිලිවල මුදු තිබුනා වගේම ඒ නිසා එයාගේ පහරදීම්වලදි තරැණයෝ දෙන්නා හොදටම තුවාල වුනේ ලේ හැමඅතටම විසික් වෙද්දි. මේ හැමදේම අතරේ හිනාවෙන ඇටෙන්ඩන්.. හරිම භායනක දසුනක් වුනා.
YOU ARE READING
THE JEON OF COUNT DRACULA'S' || JJK || COMPLETED
Fanfiction" I feel you from your blood scent darling..! " A Jeon Jungkook Fanfiction By AYO Start : 2023.07.06. End : 2023.07.21.