16. Blood Scent

617 130 33
                                    

දවස් කිහිපයක් ගත උනේ ක්ලෝයි වගේම ජිමින් අතර තිබුනු ආගන්තුක බව මුලුමනින්ම නැති කරලා දාලයි. දවල් වරැව පුරාම හොස්පිට්ල් එකේ හැම දේකදිම වගේම මැන්ශන් එකේ ගොඩක් වෙලාවටත් ඒ දෙන්නා එකට හිටියා.

ක්ලෝයි තියටර් රෑම් එකෙන් එළියට ආවේ සාර්ථක සැත්කමකට පස්සෙයි. එයා එයාගේ රෑම් එකට යද්දි ජිමින් හිටියේ ෆෝන් එකේ ගේම් එකක් ප්ලේ කරන ගමන්. ක්ලෝයිගේ ටේබල් එක උඩට කකුල් දෙකත් තියාගෙන සුවපහසු පුටුවට වීල් චෙයා එකට බර වෙලා හිටපු ජිමින් දිහා බලලා ඇස් උඩට රෝල් කරපු ක්ලෝයි එයාගේ වයිට් කෝට් එක ගලවලා දැම්මා.


" ආ..මේ ඇවිත් ⁣ඉන්නේ.. මොකද උනේ.. මිනිහා මලා ද...? "


ජිමින් කිසිම තැකීමක් නැතුව කියද්දි ක්ලෝයි තවත් ඒ හැසිරීමට පුදුම උනේ නැහැ. වැම්පයර්වරැන්ගේ හැසිරීම් එක්ක සෙල්ලම්කාර ජීවිතයක් ගෙවන ජිමින් ගැන වැටහීමක් ක්ලෝයිට තිබුනා.



" අනේ.. ඇත්තට.. මට නම් හිතාගන්න බැ.. ඔයාලට ගැන එක වෙලාවකට.. ඒත් මේකයි.. ජිමින් කලින් ජොන්කුක් මෝග් එක බාර ඇටෙන්ඩන් විදියට.. හිටියා..නේ.. ඇයි ඒ...? "




ක්ලෝයි අහද්දි ෆෝන් එක පැත්තකින් තිබ්බ ජිමින් ක්ලෝයි දිහාවට හැරැනා.



" ජොන්කුක්.. අවුරැදු හාරසියවිසිහතක්.. ම ජීවත් වුනේ පිරිසිදු ලේ ගන්නැතුව.. සාමාන්‍යයෙන් වැම්පයර් කෙනෙක්ට වඩා.. එයා ගොඩක් වෙනස්... ලේ ඕන වෙද්දි වියරැ වැටුනත්.. ඒක පාලනය කරගත්තා.. "

" කවුන්ට් ඩ්‍රැකියුලාගේ ලේ උරැම අය..ට බලය ලැබෙන්නේ තමන්ගේ මේට්ගේ පිරිසිදු ලේ වලින්.. එතකොට ජොන්කුක් අවුරැදු ගානක් ඔයා වෙනුවෙන් බලන් හිටියා.. ලේ වල සාන්ද්‍රනයට හදපු වයින් විතරයි එයා ගත්තේ.. ඒත් බලය පාලනය කරගන්න.. ආමාරැ වෙද්දි එයා වීක් වෙනවා.. ඒක කන්ට්‍රෝල් කරගන්න එයාට.. අලුත් ලේ වල සුවඳ දැනෙන්න ඕන.. අලුත් ලේ වල සුවඳ ගන්න හොඳම තැන.. ඉතින් මෝග්..එක.."





" අහ්.....ම්..එතකොට.. මැරැනු අයගෙන් ලේ එකතු කරගත්තේ...? "



" ඒ ලේ වලින් හදන වයින් තමයි.. අපි බොන්නේ... වැම්පයර්ස්ලාට දෙන්නේ.. ඔයා හිතුවට අපි මහ අමනයො කියලා... මිනිමරැවො.. කියලා.. එහෙම නැ.. අපි මිනිස්සු මැරැවොත් මරන්නේ... හොඳ හේතු එක්ක..."



THE JEON OF COUNT DRACULA'S' || JJK || COMPLETED Where stories live. Discover now