හදිසියේ පටන් ගත්ත වැස්සක් නිසා ක්ලෝයි එයාගේ අපාට්මන්ට් එකට එද්දි හොඳටම තෙමිලයි හිටියේ. මෝග් එකෙන් එලිවේටර් එකට නැගලා ආව පාර ක්ලෝයි අන්තිමට නතර උනේ එයාගේ අපාට්මන්ට් එකේමයි. හොස්පිට්ල් එකේ ඉන්න එයාට කොහෙත්ම උවමනාවක් තිබුනේ නැහැ. පාන්දර එකයි ගානකට ක්ලෝයි එයාගේ අපාට්මන්ට් එකට එද්දි අපාට්මන්ට් එක තිබුනේ සම්පූර්ණයෙන්ම අඳුරේ ගිලිලා. අහසේ නිල් පාටට අකුණු සැර වදින නිසා ජනේල් වලින් ඒ ආලෝකය සැරින් සැරේ අපාට්මන්ට් එක එළිය කලා. ලයිට් එකක්වත් දාන්න මහන්සි නොවුන ක්ලෝයි එයාගේ රෑම් එකට ඇවිදන් ගියේ පුරැද්දට.
" ඒ ඇයි... ඒ..... එයාලා.. එහෙම...? "
ක්ලෝයි එයාටම මුමුණ ගන්න ගමන් එයාගේ වයිට් කෝට් එක ගලවලා රෑම් එකේ තිබුන පුටුවක් මතට අතඇරියා. එයාගේ බෙඩ් එක ගාවින්ම තිබුනු බැල්කනි ඩෝ එකේ දුහුල් ජනේල් තිර අතරින් නිල් පාට අකුණු සැරවල ආලෝකය සැරින් සැරේට රෑම් එක එළිය කලා. ක්ලෝයි එකින් එක එයාගේ තෙත ඇඳුම් හැම එකක්ම ගලවල දැම්මේ තවමත් නොසන්සුන් විදියට ගැහෙන හාට් බීට් එකත් එක්ක. ක්ලෝයිට ඕන කලේ හොඳ වොශ් එකක් අරගෙන මේ හැමදෙයක්ම අමතක කරලා නින්දට වැටෙන්න. එයාට මේ දේවල් වැඩක් නැ. එයාගේ හිත මොනතරම් කුතුහලයෙන් හිටියත් ඒ දේවල් තවත් අවුස්සන්න උවමනාවක් එයාට තිබුනේ නැහැ.
සම්පූර්ණයෙන්ම නිරැවත් වුන ක්ලෝයිට එකවරම දැනුනේ ලොකු සීතලක් දැවටුනු හුළං පහරක්. හැරිලා බලද්දි ක්ලෝයිට පෙනුනේ ඇරිලා තිබුන බැල්කනි දොර. කලබලකාරි හුළඟ වගේම වැහි බිංදුත් වේගයෙන් එයාගේ රෑම් එක දිහාවට ඇදිලා ආවා.
" මේ... මේ...ක වහලා නේ තිබුනේ..."
ක්ලෝයි බැල්කනි දොර ළඟට ගිහින් ඒක වහලා දැම්මා. වොශ්රෑම් එකට යන්න හිතාගෙන අඩි කිහිපයක් එයා ඉස්සරහට තිබ්බත් ආයමත් සීතල හුළං රැල්ලක් එක්ක බැල්කනි දොර ඇරිලා වේගයෙන් බිත්තියේ වැදෙන හඬ එයාට ඇහුනා. ඒ එක්කම එකවරම එයාට ඇහුනේ කෙනෙක්ගේ විසිල් හඬක්. අපහසු හුස්මක් ගිල ගන්න ගමන් ක්ලෝයි හැරිලා බලද්දි අහසේ නිල් පාටට අකුණක් ඇදිලා ගියේ භායනක ගෙරවීමකුත් එක්කමයි. ඒ නිල් පාට ආලෝකය අතරේ අඳුරැ හෙවනැල්ලක් වගේ එයාට පෙනුනේ හැඩි දැඩි කෙනෙක්ව. ලා නිල් පාට අකුණු එළි නිසා ක්ලෝයිට පැහැදිලිවම පෙනුනා ඒ කෙනාව.
YOU ARE READING
THE JEON OF COUNT DRACULA'S' || JJK || COMPLETED
Fanfiction" I feel you from your blood scent darling..! " A Jeon Jungkook Fanfiction By AYO Start : 2023.07.06. End : 2023.07.21.