20. Pain

788 127 27
                                    

The following part contains Mature Scenes. May be disturbing to some readers. Read at your own risk..!!!

__________________________________



*චටාස්....*

කමුල් පුපුරන්න තරම් තදින් වැදුණු අතුල් පාරවල් කිහිපයකට පස්සේ ක්ලෝයි ආමාරැවෙන් එයාගේ ඇස් ඇරගත්තා.

" නැගිටපන්... උඹට ඇස් වහන්න බෑ.. නැගිටපන්...!!! "

ජොන්කුක් ක්ලෝයිගේ කොන්ඩෙන් ඇදලා ක්ලෝයිගේ ⁣ඔලුව කෙලින් කරගත්තා. ජොන්කුක්ගේ අලු පාට ඇස් රතු පාට වෙලා තිබුනා වගේම ඇස්වල නහර රතු පාටට හැරෙමින් තිබුනා.

තවමත් එයාලා ඉන්නේ හොටෙල් එකේ කියලා ක්ලෝයිට තේරැනා. එයාගේ ඇස්වල තවමත් බොඳ ගතියක් තිබුනා. කලින් පාර එයා වැටුන ඒ සීතල දරදඬු අත් ජොන්කුක්ගේ කියන්න ක්ලෝයිට තේරැනා.

" මුව ඩන්ජන් එකට අරන් පලයන්...!! උඹ මෙහෙ වරෙන්..!!! "

ජොන්කුක් වෙන පැත්තක් දිහා බලලා කියද්දි ක්ලෝයි ඒ පැත්ත බැලුවා. ටේලර් හිටියේ යුන්ගිට වගේම ජිමින්ට මැදිවෙලා. යුන්ගිගේ මූණේ හැඟීම් විරහිත භායනක බවක් ගැබ්වෙලා තිබුනත් ජිමින්ගේ මුහුණේ තිබුනේ වියරැ වැටුනු භායනක හිනාවක්. ඒ එක්කම ක්ලෝව ඇදගෙන ජොන්කුක් උත්සව ශාලාවෙන් එළියට ආවා. ජොන්කුක් දිහා බලන්න ක්ලෝයිට පළවෙනි වතාට බැරිකමක් දැනුනා.

ඇස්වල ඉදන් ජොන්කුක්ගේ අත්වල නහරත් රතු පාටට කැපිලා පෙනුනා. එයාගේ මුහුණේ හකු තද වෙලා තිබුනා වගේම ඒකෙන් එයාට ලැබිලා තිබුනේ දරදඬු භායනක පෙනුමක්. ජොන්කුක් තියන වේගවත් අඩිවලට ඇවිදින්න තරම් සිහියක් ක්ලෝයිට තිබුනේ නැහැ. ඇරත් හීල්ස් දාලා ඉද්දි ඒක තවත් ආමාරැයි.

" ආ...ව්.... ජො... න්..කුක්..... "

අඟල් පහක හීල්ස් එකක් දාලා හිටපු ක්ලෝයිගේ කකුල පෙරලුනේ එයාට ඇස්වලින් කඳුලු එන තරමට වේදනාවක් දීලා. ජොන්කුක් තත්පරයකට නතර වුනත් ආයමත් ක්ලෝයිව ඇදගෙන එයාගේ බුගාඩිය ගාවට ආවා. ක්ලෝයිගේ ඇන්කල් එක ඩැමේජ් වෙලා නිසා ක්ලෝයිට කඳුලු එන තරමට ඒක රිදුනා. ඒත් එයාගේ සිරැරේ තිබුනු ගිනිගන්න සුලුබව වගේම මත් බව ක්ලෝයිට ඒ වේදනාව අමතක කෙරෙව්වා.

THE JEON OF COUNT DRACULA'S' || JJK || COMPLETED Where stories live. Discover now