පහුවෙනිදා උදේ ක්ලෝයි නැගිටලා ඉක්මනින් ලෑස්ති වුනා. මොකද ජොන්කුක් එයාට හොස්පිට්ල් යන්න අවසර දීලා තිබුනේ. ක්ලෝයිගේ අපාට්මන්ට් එකේ තිබුනු එයාට ඕන කරන හැමදෙයක්ම ඒ වෙද්දිත් මැන්ශන් එකට ගෙනත් තිබුනා. හොස්පිට්ල් එකට ගෙනියන්න ඕන දේවල් ටික වගේම එයාගේ ෆෝන් එකත් ක්ලෝයිට මේඩ් කෙනෙක් ගෙනත් දුන්නා. ඒත් රෑම් එකෙන් එළියට එද්දි ක්ලෝයිට යම් අඩුපාඩුවක හැඟීමක් දැනුනා. වෙනදා එයා බෙඩ් එක උඩ ඇස් අරිද්දිත් එයාට දැනුනා ජොන්කුක් අඳුරේ ඉදන් එයා දිහා බලන් ඉන්න විදිය. ඒ අලු පාට ඇස් කොතනක ඉදන් හරි එයා දිහාවට යොමු වෙලා තියන විදිය ක්ලෝයිට දැනුනා. ඒත් ඒ හැඟීම අද ක්ලෝයිට නොදැනෙද්දි එයාට ඒක අඩුපාඩුවක් විදියට දැනුනා. ඉක්මනින් එයාගේ ඔලුව ගැසුව ක්ලෝයි මේඩ් පිටිපස්සෙන් ස්ටෙයාකේස් එක දිහාවට ඇවිදන් ආවා.
ජොන් මැන්ශන් එක ක්ලොයි දකින පළවෙනි වතාව මේක. ජොන්කුක්ගේ රෑම් එක වගේම මුලු මැන්ශන් එකත් ඩිසයින් කරලා තිබුනේ බ්ලැක් ඇන්ඩ් ඈෂ් කලර් තීම් එකකින්. හුඟක් වටින සුවපහසු ගෘහ භාණ්ඩ හැමදෙයක්ම බ්ලැක් ඇන්ඩ් ඈෂ් කලර් පාටින්ම තිබුනා. මැන්ශන් එක පුරා ඇස් යවන ගමන් ක්ලෝයි මේඩ් පස්සෙන් ගියා.
" ගුඩ්මෝනීන්... යන්ග් ලේඩි..."
පහළම තට්ටුවට එද්දි ක්ලොයිට ඇහුනේ ටිකක් හුරැපුරැදු හඬක්. එයා ඉස්සරහා හිටියේ දම් පාට කොන්ඩයක් තිබුන අමුතු මැර පාට කොල්ලා. එයා ඇදන් හිටියේ හොස්පිට්ල් ඇටෙන්ඩන් කෙනෙක්ගේ ඇඳුමක්. ඒක එයාට නොගැළපෙන පෙනුමක් ගෙනත් තිබුනා. එයා හිනාවෙන ගමන් ක්ලෝයිගේ අතක් අරගෙන ඒ උඩින් හාදුවක් තිබ්බා.
" ජිමින්..........!!!! "
ක්ලෝයි ගැස්සිලා ගියේ ඇහුනු ගැඹුරැ හඬට. තරැණයාගේ හාද්ද ලැබුනු එකටවත් ක්ලෝයිගේ හදවත ඒ තරම් බය වුනේ නැහැ. ක්ලෝයිගේ අත තාමත් අත් නොහැරිය තරැණයා බෙල්ල ඇල කරන ගමන් ක්ලෝයිගේ පිටිපස්සට එබුනා.
" ඕහ්.. කමෝන් ජොන්කුක්... මම මේ කැත ඇඳුම අදින්නත් කැමති උනා... අනික.. අපේ ක්වීන්ට අපි ගරැ කරන්න ඕන නේ..."
YOU ARE READING
THE JEON OF COUNT DRACULA'S' || JJK || COMPLETED
Fanfiction" I feel you from your blood scent darling..! " A Jeon Jungkook Fanfiction By AYO Start : 2023.07.06. End : 2023.07.21.