❝ මිනිස්සු හිනා වුණේ නමට, මිනිස්සු කතා කලේ නමට.. මොකද ඒක තමයි ඉරණම, ඒක තමා ලෝක සොබාවය.. සතුට නැති වුණත් මිනිස්සුන්ට සිද්ද වුණා හිනා වෙන්න.. අඩන්න ඕනි තැනත් මිනිස්සුන්ට සිද්ද වුණා හැඟීම් දැනීම් නෑ වගේ හැසිරෙන්න..
මිනිස්සුන්ට ඕනි නොවුණත් එයාලා හැමදාම ලෝකෙට පේන්න ජීවත් වුණා.. ඇවිලෙමින්, නිවෙමින් යලි යලිත් ඇවිලෙමින් ඔවුන් ඔවුන්ගේ ලෝක තුල ජීවත් වුණා.. ඉතින් අවසානයේ නිමාවක් තියන කතාත් නිමාවක් නැතුවම නිමා වුණා ❞® Nonfiction Bl
® Strong Language
‼️Skip those who don't like mature content
මෙහි එන නම්, ගම්, ස්ථාන සියල්ලම හුදෙක් කතාවට පමණක් භාවිතා වේ !
💜
" බුදු අම්මෝ !!! "
උත්තර ධ්‍රැවියේ අයිස් කදු ටික එස්කිමෝල් තාත්තලා, අම්මලා, පුතාලා ගිලලද මංදා, මෙහේ දෙක වෙන්න පායනවා පුදුම රස්නයක් තමයි මාතලේට නම් තියෙන්නේ.. ආයේ ඉතින් හොඳි වලට ලුණු ඕනිම නෑමයි.. ඒ සා දාඩියක් දාන්නේ..
මේ ගිනි ගහන අවි කාස්ටේ මාත් එළිබැස්සේ පොඩි බොසාගේ අම්මා මුත්තා මතක් කර කරමයි.. මේ බේසිකයටත් තව ටිකක් රෑවෙනකම් ඉන්න බැරුව රත්තොට සයිවර් කඩේට යන්න ඕනිමයි කිව්වනේ පරාටා එක්ක උළුදු වඩේ එකයි, අර පොල් සම්බෝලයයි කන්න.. අම්මපා මුට දොල දුකද මන්දා.. නැත්නම් අහවල් එකකට ද දැන් යන්න ඕනිමයි, නොගියොත් උගෙයි මගෙයි අහවල් සම්බන්දේ ඉවරයි කියලා පුප ගිණි අරන් බෙරිහන් දෙන්නේ..
YOU ARE READING
නොනිමි🌷✅
Non-Fiction® Nonfiction Bl ❝ ප්රේමය නම් එහෙමයි.. දවා අළු වූ පසුත් අළු මතින් අවදිවෙයි.. එය හුදෙක් ෆීනික්ස් කුරුල්ලෙකුගේ ප්රාණය සේයී.. ඉතින් ප්රේමය ඇවිලෙන, නිවෙන, නවතින තැනයි ❞ සොල්හී ♡