🎶
රෑ දොලොස් පැයේ
ඔබේ නෙතු මා ලඟයි ප්‍රියේ
චංචලයි වගේ
ඔබේ හිත කොහේද පාවුනේඅදහන්න බෑ කදුලක්ද ආදරේ
නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ...
මම හෙඩ් සෙට් එක ගහගෙන සින්දුවක් මුමුණන්න පටන් ගත්තා.. ඒත් එක්කම කාමරේ දොර ගාව ඉදන් ගුවන් ගත වෙලා ඇවිත් මගේ මූණට වැදුනේ තඩි සෙරෙප්පු පාරක්.. මන් සෙරෙප්පුව එව්ව එකා කවුද දැන දැන නැන්දවයි මාමවයි ආදරෙන් මතක් කර කර හෙඩ් ෆෝන් එක ගැලෙව්වා.." මොකද මනුස්සයෝ වෙලා තියෙන්නේ.. උඹත් වෙලාවකට මගේ ගෑනි වගේ බන්.. හැමිනෙනවා ඉවරයක් නෑ "
" ඇයි මම ගෑනි උනාම උඹට පාඩුද.. නෑනේ නෑනේ.. තේ එක හදන එකේ ඉදන් උයන එක වෙනකම්ම කරන්නේ මම වෙනකොට මම උඹේ ගෑනි වගේ තමා මනුස්සයෝ.."
නෙත්රු ඇවිත් මගේ කකුල් දෙක හරියෙන් ඇදට නැගලා වාඩි වුණා..
" මොකෝ මල රෑ පුප්පන්නේ.. "
" උඹ මොකාටද එන්න හදන්නේ කියපන් තෙහස්.. "
" මොකක්ද.. "
" අනේ බන් මේ.. උඹ මටද මොකක්ද ගගා බබා පාට් දෙන්නේ.. ඒවා දීපන් උඹේ මහ එවුන්ට.. මට එපා.. "
" ඉතින් උඹ කියන ලබ්බක් තේරෙන්න කියහන්.. රෙද්ද.. "
මම නෙත්රු ට කකුලෙන් එකක් ගැහුවා.. ඒ පාර මේ ගෝතයා මගේ කකුල් දෙක අල්ල ගත්තා.. උගේ දඩාර අතට මගේ හුරුබුහුටි කකුල් දෙක දඬු කදේ ගහලා වගේ හිරවුණා... දැන් ඉතින් සියල්ල වමාරනකම් මම බේරෙනවා බොරු..
YOU ARE READING
නොනිමි🌷✅
Non-Fiction® Nonfiction Bl ❝ ප්‍රේමය නම් එහෙමයි.. දවා අළු වූ පසුත් අළු මතින් අවදිවෙයි.. එය හුදෙක් ෆීනික්ස් කුරුල්ලෙකුගේ ප්‍රාණය සේයී.. ඉතින් ප්‍රේමය ඇවිලෙන, නිවෙන, නවතින තැනයි ❞ සොල්හී ♡