මීදුමෙන් වැසී කදුයාය සලිත වී
ඔය වාගෙ සීතලෙන් නලියාවි කිති කැවීතෙහස් අයියා හරි ලස්සනට පටන් ගත්තම මට යාන්තමට හිනාවක් ආවා.. මන් දිහා බලාගෙනම එයා කිව්වාම ඉබේම වගේ ඊළඟ පද දෙක මම කියන්න ගත්තා..
නීල නිම්නයේ රතු රෝස මල් පිපී
අපි වාගෙ ආදරෙන් හිනැහේවි ලං වෙවීමන් කියලා ඉවර වෙනවත් එක්කම එයා ඊළඟ පාර්ට් එක හාමනි කරද්දි මම මාරුවෙන් මාරුවට ඕඩියන්ස් එක දිහාත් එයා දිහාත් බැලුවා..
ලා හිරුගේ සෙවනේ විඩා නිවා
ඒ සුවයේ නැළවෙන්න නෙත් පියාඊට පස්සේ ප්ලේ වුණ පුංචි මියුසික් එක වෙලාවේ අපි දෙන්නා ඉන්න සයිඩ් එක මාරු කලාට පස්සේ එයා ආයෙම සින්ග් කරන්න පටන් ගත්තා..
සේද නිල්ලේ මල් යායේ
ඇවිද යන්නයි හිත් මානේ
ඔබය මාගේ රජ දහනේ
කිරුල හිමි වූ මනමාලීඅන්තිම පද ටික මා දිහාම බලාගෙන තෙහස් අයියා කියලා හරි ලස්සනට හිනා වෙද්දි මගේ මූණට ලේ පිරෙනවා මට ම තේරුණා..
ඔබයි හීනය සන්තානේ
වැතිර ඉන්නම් මේ හීනේ
සිහින විමනේ සිහිලැල්ලේ
ඉගිල යාදෙන් මැවු හීනේමන් ඒ ඇස් අමාරුවෙන් මඟෑරලා ඕඩියන්ස් එක දිහා බලාගෙන ඊළඟ පද ටික කියලා බිම බලා ගත්තා.. හැමෝගෙම ෆෝන් වල කැමරා අපි දිහාවට ඔන් වෙලා තියෙද්දි අමුතු කෝල හැඟීමක් මගේ හිත ඇතුලේ නළියන්න ගත්තා..
YOU ARE READING
නොනිමි🌷✅
Non-Fiction® Nonfiction Bl ❝ ප්රේමය නම් එහෙමයි.. දවා අළු වූ පසුත් අළු මතින් අවදිවෙයි.. එය හුදෙක් ෆීනික්ස් කුරුල්ලෙකුගේ ප්රාණය සේයී.. ඉතින් ප්රේමය ඇවිලෙන, නිවෙන, නවතින තැනයි ❞ සොල්හී ♡