❝ ඕනිතරම් දැකලා තියනවා උප්පත්තියෙන්ම අන්ධ මිනිස්සු.. එහෙම අය අපි හිතනවටත් වඩා අසරණයි.. හැමදේම අදුරින් විතරක් දකිද්දිත් ඒ මිනිස්සු හිනාවෙන්න උත්සාහ කලා..
ඉතින් ආදරේ නිසා අන්ධ වුණ කෙනෙක් උත්සාහ කරන්නේ ඒ ඇවිලෙන ගින්න නිවාගෙන නිදහස් තැනක නවතින්න ❞
💜
විනාඩියක් දෙකක්, එයා මන් දිහාත් මන් එයා දිහාත් බලන් හිටියා.. මේ යකාගේ ඇස් තිබුණේ මගෙ වතුර බිංදු තියන පපුවේ..හරිනේ තෙහස්.. උබ දැන් නොඉදුල් නෑ.. මගේ ඔළුවට ආවේ එක එක මල විකාර අදහස්.. යකෝ මෙහෙමත් කාමර වලට එනවද.. අම්මපා මන් යට එකත් නැතුව හිටියා නම් මුට නූල් බදින්න වෙන්නේ.. මන් සින් ගාලා ඉස්සරහට ඇවිත් ටී-ශර්ට් එක දා ගත්තා.. ඒ කරලා එයා දිහා බලලා උඟුර පෑදුවා... කමක් නෑ.. අපි දෙන්නම කොල්ලොනේ.. වැඩිය ගාණක් නොගෙන කතා කරන්න ඕනි..
" බාප්පා නම් පහලට ගියා දෙනුවන් "
" දෙ...නු..ව...න්.. "
" ඇයි.. ඒක ඔයාගේ නමනේ.. "
" අහ්..ඕ..ඕ.. "
එයාගේ මූණ බලන් ඉන්නැද්දි අඳුරු වුණා.. එහෙමම ආපිට හැරිලා එයා යන්න හැදුවා..
" ඔයා ආවේ.. "
" අහ්ම්.. ඒක මන් උදේට බප්පටම කියන්නම්.. "
මගේ දිහාවත් නොබල එයා හැරිලා යන්න ගියා..
යකෝ මේක හරි කෙලියක්නේ.. දැන් බාප්පා උදේට නාවොත්.. අනේ නටහන්.. මුගේ ඝනකම යකෝ.. දෙන්න හිතයි මූණ චොප්ප වෙන්න..
YOU ARE READING
නොනිමි🌷✅
Non-Fiction® Nonfiction Bl ❝ ප්‍රේමය නම් එහෙමයි.. දවා අළු වූ පසුත් අළු මතින් අවදිවෙයි.. එය හුදෙක් ෆීනික්ස් කුරුල්ලෙකුගේ ප්‍රාණය සේයී.. ඉතින් ප්‍රේමය ඇවිලෙන, නිවෙන, නවතින තැනයි ❞ සොල්හී ♡