" ඉවරායීයී.. "
ශාන් අතේ පයේ හිර ඇර ඇර ලෙක්චර් හෝල් එකෙන් එළියට ආවේ පැය තුනක් ඌව දඬු කදේ ගහලා තිබ්බා වගේ.. එක්සෑම් එකක් ඉවර වෙනවා කියන්නේ එක අතකට දඬු කදේ ගහන එක සැපක් වගේ.. දඬු කදේ ගැහුවම ඉතින් ඇඟ අතපය විතරනේ රිදෙන්නේ.. මේක එහෙමද.. මුළු සර්වාංගෙම ඇවිලෙනවා.. මොලේ රුධිර කේෂ නාලිකාවකගේ ඉදන් කොච්චර මහන්සි වෙන්න ඕනිද පේපරේකට උත්තරයක් ලියන්න..
මම හෙන දාර්ශනික විදිහට හිත හිත ශාන් පස්සෙන් යන්න ගියා.. ශාන් එක්ක එකතු වෙලා නෙත්රු අයියයි, තෙහස් අයියාගෙයි උදව්වෙන් මිස් වුණ ලෙක්චර්ස් ටිකත් ගොඩ දාගෙන මම කොහොම හරි එක්සෑම් එකට සතියෙන් ලෑස්ති වුනේ ගෑස්ට්‍රික් අම්බානෙට වැඩි කරගෙනමයි..
ඩයිජින් පෙත්තයි, ගෑස්ට්‍රික් පැණියයි ගහලා පේපරේ ලියලා ඇවිත් අනිත් පැත්තට වමනේ දාද්දි තෙහස් අයියා හැමදාම මගේ පිට අතගෑවේ මගේ කියන හැඟීමෙනුයි.. නින්ද යනකම් ඔළුව අතගාලා හැමදාම මාව නිදි කෙරෙව්වා වගේම පහුවදා මල පාන්දරම එයා ඇහැරවන්න අමතක කලෙත් නෑ..
ස්කෝලේ සබ්ජෙක්ට් තුන කලා වගේ කැම්පස් ජීවිතේ ලේසි නෑ කියලා මට තේරුණේ පලවෙනි පේපරේ අතට ගත්තමයි.. බඩ ඇතුලේ ඉදන්ම පිච්චීගෙන ඔක්කාරෙට එද්දි අමාරුවෙන් පැය දෙකක් ඉවසගෙන පේපරේ ලියලා ශාලාධිපතිට දීලා ලෙක්චර් හෝල් එකෙන් මුලින්ම මම දිව්වේ වොශ් රූම් වලට වෙනකොට තෙහස් අයියා මගේ පිටිපස්සෙන්ම හිටියේ හෙවනැල්ලක් වගෙයි.. එයාලට එක්සෑම් ඉවර කරලා නිවාඩු දීලා තිබ්බත් හැමදාම උදේම මා එක්ක ඇවිත් මා එක්කම ගියේ හරියට පොඩි එකෙක්ව අම්මා මොන්ටිසෝරි දාලා ආයේ ගෙදර එක්ක යනවා වගේ..
YOU ARE READING
නොනිමි🌷✅
Non-Fiction® Nonfiction Bl ❝ ප්රේමය නම් එහෙමයි.. දවා අළු වූ පසුත් අළු මතින් අවදිවෙයි.. එය හුදෙක් ෆීනික්ස් කුරුල්ලෙකුගේ ප්රාණය සේයී.. ඉතින් ප්රේමය ඇවිලෙන, නිවෙන, නවතින තැනයි ❞ සොල්හී ♡