38

772 77 46
                                    

මේ ලෝකේ සාදාරණ නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ලෝකේ සාදාරණ නෑ.. මේ ලෝකේ මිනිස්සු හිතන විදිහ සාදාරණ නෑ.. මිනිස්සු ආදරේ විදින විදිහ සාදාරණ නෑ.. කොටින්ම මිනිස්සු ආදරේ අදුරන්නෙවත් නෑ.. ඒත් මිනිස්සු හරි ආත්මාර්ථකාමී.. තමන්ට රිසි දේ කැපයි.. අන් සියල්ල අකැපයි..

අපි හතර දෙනා යන ජිප් එක වංඟු පාර දිගේ මීදුම කපාගෙන ගමන් කලා.. නෙත්රු අයියා වාහනේ ඩ්‍රයිව් කරද්දි ශාන් එහා පැත්තේ ශීට් එකේ නිදි කිරා වැටුණා.. ඊයේ රෑ ඉදන්ම වෙනම ම වගේ හිටිය තෙහස් අයියා හෙඩ් රෙස්ට් එකට ඔළුව තියාගෙන ඇස් පියාගෙන හිටියා.. එයා නිදිද, ඇහැරිලාද.. ඒ කොයිම වෙලාවකවත් ඒ වෙනස එයාගේ මූණෙන් නොපෙනෙනකොට මට එයා ගැන පුදුම හිතුණා.. ලාවට රතු වුණ කම්මුලේ ඇඟිලි පාරවල් තාමත් පේන්න තියනකොට චෙරි පාට තොල් අඟ යාන්තමින් ඉරි ගිහින් ලේ ගල් වෙලා තිබුණා.. ඊයෙට වඩා ඒ මූණ අද අඳුරු වෙලා තියෙද්දි ඒ ඇස් අඩාගන්න බැරිතැන හිනා වුණා..

උඟුර පිච්චිලා යනකම්, නහර දිගේ නිකොටින් සැර අන්තෙටම යනකම් එකක් ඉවර වෙන්න එකක් සිඟරට් බීපු තෙහස් අයියා මුළු කාමරේම දුම් වලාවකින් පිරෙව්වා.. ආපු කොල්ලො සෙට් එක නතර වුණ නිසා, කාමර මදිත් නිසා අපි පුරුදු විදිහටම නිදා ගත්තට තෙහස් අයියාගේ මූණේ සතුටක් ගෑවිලාවත් තිබ්බේ නෑ..

මගේ ජීවිතේ ගෙවෙන වේදනාකාරීම නිවාඩුව මේකද කියලා හිතෙන තරමට මගේ හදවත රිදුම් දුන්නා.. වේගෙන් ඇදීගෙන යන ජීප් එකේ පාළුව නැති වෙන්න එක්ක නෙත්රු අයියා ප්ලේයර් එක දැන්මා.. සින්දු එක දෙක ඉවර වෙලා මීදුම මැදින් රිවර්ස්ටන් කන්ද මුදුනට වාහනේ ඇදෙනකොට ලාවට වගේ මුළු පරිසරයම එළිය වුණා..

🎶

මීදුම් දුමාරයේ සීත හැන්ඳෑ යාමේ
සිහින ඇන්ද සානුවේ
ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න....

නොනිමි🌷✅Where stories live. Discover now