හිමින් හිමින් අඩි තිය තිය මම අඹ ගහ වටේ ඇවිදින්න පටන් ගත්තා.. බට් අඹ ගහක් කිව්වට අන්තිමේ ගෙනාව අඹ ගහ මහ විශාල ගහක් වුණා.. ඒ වුණාට අඹ රස නිසාම තාත්තා ගහ කපන එක හිතින් අයින් කරලා තිබ්බා.. පුංචි කාලේ ගස් නඟිනවා කියලා පහල අතු කපපු නිසා බට් අත්තත් කැපිලා ගිහින් කියලා අම්මා තාත්තාට නිතරම වගේ බැන්නා..
මම ගහෙන් වැටිලා තියන වේළුණු අඹ කොල උඩින් අඩි තිය තිය ගහට ටිකක් එහාට වෙන්න තාප්පේ ළඟ හෙවනෙන් හදලා තියන බෙන්ච් එකෙන් වාඩි වුණා..
කාව්‍යා ඉද්දමල්ගොඩ වැරැන්ඩා එකේ හාන්සි පුටුවක දිගා වෙලා කතා පොතක් කියවන ගමන් හිටියා.. මම දකුණු අත බෙල්ලෙන් එල්ලගෙනම බෙන්ච් එකෙන් වාඩි වෙලා සාක්කුවෙන් ෆෝන් එක වම් අතට ගත්තා..
නව ලෝක හොස්පිල් එකෙන් ලක්ෂ හය හමාරක බිලක් ගෙවලා ගෙදර ඇවිත් දැන් සති එක හමාරක් වගේ.. ඒ සති එකහමාර මට නම් අවුරුද්දක් වගේ දැනුනා.. නිතර නිතරම ශාන් ඇවිත් ඇවිත් නෝට්ස් පිලිවෙලක් කරලා දීලා ගියා.. ෆර්ස්ට් ඉයර් එක නිසා අපි හැමෝම එකම ලෙක්චර්ස් ටික කරන නිසා ඒක හුඟක් ලේසි වුණා..
හුඟක් දවසට ශාන් එනකොට කූල් මයිලෝ එකයි, Go nut එකෙන් එක එක දාට එක එක ෆ්ලේවර්ස් වල ඩෝනට්ස් අරගෙන ආවා.. ශාන් මම ආස, ආස නැති හැමදේම දන්න නිසා වෙලාවකට මන් මොනාද එයා ගැන දන්නේ කියලා මම නොසෑහෙන්න කල්පනා කලා..
වෙලාව හවස හයටත් කිට්ටුයි.. අවුරුද්දේ මුල් කාලේ නිසා ඉර බහින්න පරක්කුයි.. හවස හතර ට වගේ එළියයි මුළු අහසම.. මම අහස දිහා බලාගෙන හිටියා..
ලාවට කහ පාටට හුරු තැඹිලි පාටකින් අහසම වර්ණවත් වෙලා තිබ්බා.. අහස කියන්නේ නිමාවක් නැති හැඟීම් ගොඩක එකතුවක් වගේ.. වෙලාවකට රළුයි, වෙලාවකට සන්සුන්, වෙලාවකට වේදනාබරයි.. ඉතින් අහස හරිම ගුප්තයි..
YOU ARE READING
නොනිමි🌷✅
Non-Fiction® Nonfiction Bl ❝ ප්රේමය නම් එහෙමයි.. දවා අළු වූ පසුත් අළු මතින් අවදිවෙයි.. එය හුදෙක් ෆීනික්ස් කුරුල්ලෙකුගේ ප්රාණය සේයී.. ඉතින් ප්රේමය ඇවිලෙන, නිවෙන, නවතින තැනයි ❞ සොල්හී ♡