" දෙනුවන් මල්ලී.. "
එයා මගේ පැත්තට හැරුණා..
" අපි ටිකක් කතා කරමුද.. "
මම මට එහා පැත්ත පෙන්නන ගමන් එයාට කතා කලා.. එයා සද්ද නැතුව ඇවිත් ලී බංකුවේ මට ටිකක් එහාට වෙන්න වාඩි වුණා..
" මන් දන්නවා මන් මෙහෙම අහන එක හරි නෑ කියලා.. ඒත් ඔයා ලොකු ප්‍රශ්නෙක ඉන්න නිසාමයි මට දැනගන්න ඕනි වුණේ ඒ ප්‍රශ්න වල කොණක හරි ශෙනාල් ඉන්නවද කියලා.. "
එයාගේ ඇස් ගැස්සුණා.. ඒත් එයා ටිකක් වෙලා එහෙමම ඉදලා නෑ කියලා ඔළුව වැනුවා..
" හරි එහෙනම්.. ඒත් ඔයාගේ යාළුවා අද එයා එක්ක ලොකු කතාවක් ගියා.. ශෙනාල් කියන්නේ එච්චර හොඳ කෙනෙක් නෙමෙයි කියලා මුළු කැම්පස් එකම දන්නවා.. ඒ නිසා ඔයාලා දෙන්නා එයා එක්ක වැඩිය කතාවට නොයන තරමට හොඳයි.. එහෙනම් පරිස්සමින් ගෙදර යන්න.. අහ් එතකොට තව දෙයක්.. කෙනෙක් ඇඩුවා කියලා කවදාවත් දුර්වල වෙන්නේ නෑ.. ඒ හින්දා පුළුවන් නම් ශවර් එකක් යට නැතුව ඔයාගේ හිත නිවෙන තැනක ඉදන් ඇති වෙනකම් අඩන්න.. "
YOU ARE READING
නොනිමි🌷✅
Non-Fiction® Nonfiction Bl ❝ ප්‍රේමය නම් එහෙමයි.. දවා අළු වූ පසුත් අළු මතින් අවදිවෙයි.. එය හුදෙක් ෆීනික්ස් කුරුල්ලෙකුගේ ප්‍රාණය සේයී.. ඉතින් ප්‍රේමය ඇවිලෙන, නිවෙන, නවතින තැනයි ❞ සොල්හී ♡