කොයි කවුරුත් ආදරේ ට ලෝභකම් කලාට එයාලා දැනගෙන හිටියා ආදරේ කියන්නෙම වේදනාවක් කියලා..ඉතින් මම වුණත් ආයේ ආයෙමත් ඒ හැඟීම එක්ක කවි ගී ලියන්න පටන් ගනිද්දි මගේ හැඟීම් වල වෙනස මට හොඳින් ම තේරුණා.. ශෙනාල් අයියා අන්තිමට වාහන පාක් එකේ හම්බෙලා දැන් සති තුනකට වඩා වැඩි වෙද්දි ඒ සති දෙක තුනේම ඊට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක් මගේ ජීවිතේට මන් හිතනවාටත් වඩා ලං වුණා..
ඒ තෙහස් අයියා..
එයා හරි වෙනස් කෙනෙක්.. කොයි අතින් බැලුවත් සර්ව සම්පූර්ණ කෙනෙක්... ඉතින් මේ ගෙවෙන දවස් හරි වෙනස් විදියකට ගෙවීගෙන ගියා.. ඒ අතරින් අද දවස පටන් ගත්ත විදිය.. ඒ දවස දැන් ගෙවෙන විදිය ගැන මම නිකමට කල්පනා කලා..
එදා උදේ බොරලැස්ගමුව වෝකින් පාත් එකේදී මන් කිව්ව වචන එක්ක තෙහස් අයියා මහ හුඟක් බලාපොරොත්තු තියාගෙන හිටියා.. මම වුණත් ඒ වචන හමුවේ මගේ චර්‍යාවන් පවා වෙනස් කර ගත්තා..
ශාන් ට එන්න එපා කියලා, අම්මට අද ශාන් ට එන්න වෙන්නේ නෑ කිව්වා කියපු මම කල් තියාම ඇහැරිලා කළුවරේම පාරට ඇවිත් 120 බස් එකක නැඟලා නෙලුම් පොකුණ ළඟින් බැස්සේ වෙලාව 6.25 වගේ වෙනකොට... ඉර පායන්න පරක්කු නිසාමද මන්දා කොළඹ අහස තාමත් යාන්තමින් අදුරේ ගිලිලා තිබ්බා..
නිකමට වගේ බස් එකේ එද්දි ගුඩ්මෝනිම් කියලා තෙහස් අයියාට මැසේජ් එකක් දාලා අද මන් කලින් එනවා කිව්වේ ඇයි කියලා මම ම සෑහෙන්න කල්පනා කලත් මැසේජ් එක දාපු සැණින් කියවපු නිසා මම ඒ මැසේජ් එක ඩිලීට් කරන එක හිතින් අයින් කලා..වෙලාවකට හිතෙනව මේ මනුස්සයා මගේ චැට් එකේම ඉන්නවද කියලා.. කොයි වෙලේ මැසේජ් එකක් දැම්මත් එවලෙම රීඩ් කරනවා.. පාර දිගේ ඇවිදගෙන යන මට තනියම හිනා ගියා.. ජනාකීර්ණ කොළඹ නඟරේ නානාප්‍රකාර වාහන හුළඟ වගේ මගේ එහා පැත්තෙන් යද්දි ඒ දිහාවත් නොබල මම පදික වේදිකාවේ ඔහේ බිම බලාගෙන කැම්පස් එකේ ගේට්ටුව දිහාවට ඇවිදගෙන ගියා..
YOU ARE READING
නොනිමි🌷✅
Non-Fiction® Nonfiction Bl ❝ ප්රේමය නම් එහෙමයි.. දවා අළු වූ පසුත් අළු මතින් අවදිවෙයි.. එය හුදෙක් ෆීනික්ස් කුරුල්ලෙකුගේ ප්රාණය සේයී.. ඉතින් ප්රේමය ඇවිලෙන, නිවෙන, නවතින තැනයි ❞ සොල්හී ♡