මට මමම වී ඉන්න ලෝකෙන් ඉඩක් නොදෙන
ඈතට වෙලා අපිම අපි වී ඉතින්..
නව ලොවක මුල් අනු වෙන්න..
මිල නොවන පෙම් කවිය පබදින්න..ගෙස්ට් හවුස් එක දෙදරන්න නෙත්රු අයියා සබ් එක දාලා තිබ්බා.. මගේ නම් සර්වාංගෙම රිදෙන්න අරන් තිබ්බේ.. ඒත් ගෑණියෙක් වගේ ඇදේ ඉන්න බැරි නිසා මම වැකුම් එකත් උස්සගෙන කාමර වල කර්ට්න් ටික ක්ලීන් කලා..
අවුරුදු නිසා ස්ටාර්ෆ් එකේ භාගයක්ම ගමේ ගිහින් තාම ඇවිත් තිබ්බේ නෑ.. වික්‍රමනායක අන්කල් හොඳ වැඩිකමට ගෙන්න ගත්තෙත් නෑ.. ඉතින් අද රෑට එනවා කිව්ව කොල්ලෝ සෙට් එකකට අපි රූම්ස් ටික ලෑස්ති කලා.. ලොකූවට අස් කරන්න නොතිබ්බට ඉතින් පිළිවෙලකට හදලා දෙන්න ඕනිනේ.. අනික අදයි හෙටයි මේක closed කියලා තියෙද්දිමයි එයාලා කතා කරල තියෙන්නෙත්.. කොල්ලෝ ටිකක් නිසා බෑ කියන්න බැරිකමට බාප්පා හා කියලා... ඒකෙන් මේකෙන් වුණේ වැකේශන් එකට ආපු අපිට වැඩ කරන්න වුණ එක..
මම උඩ කාමර ඔක්කොගෙම කර්ට්න් ටික වැකුම් කරලා පහලට ආවා.. පහල කාමර නම් ශාන් වැකුම් කරලා තිබ්බා.. එක කාමරයක් ඉතුරු නිසා මම වැකුම් එක උස්සන් ඒකට ගියා..
සින්දුවේ මියුසික් දෙදරන්න ප්ලේ වෙද්දි එක පාරටම මන් ඉන්න කාමරේ දොර වැහුණා.. මන් ගැස්සිලා බලද්දි තෙහස් අයියා දොරට හේත්තු වෙලා මන් දිහා බලන් හිටියා..
ඉඟිලෙන්න ඔබ එක්ක ආකාසේ
විදගන්න ඒ සිසිල මා සිත් සේ....සඳ මිතුරී.....
තෙහස් අයියා දොර ළඟ ඉදන් ඇද රෙදි ටික ඇදේ කොණකින් තියන ගමන් සින්දුව කිය කිය මන් ළඟට ආවා.. එයා සතුටින් ඉන්නේ කලාතුරකින්.. ඒ මූනේ වගකීම් සහගත බව අයින් වෙලා සැහැල්ලුවෙන් ඉන්නේ කලාතුරකින්.. කසුන් ගේ ඒ කටහඬට ඕනිවටත් වඩා ගැලපුණ තෙහස් අයියාගේ කටහඬින් සින්දුවේ පද ටික කියද්දි මම වැකුම් එක ඕෆ් කරලා බිමින් තිබ්බා..
YOU ARE READING
නොනිමි🌷✅
Non-Fiction® Nonfiction Bl ❝ ප්රේමය නම් එහෙමයි.. දවා අළු වූ පසුත් අළු මතින් අවදිවෙයි.. එය හුදෙක් ෆීනික්ස් කුරුල්ලෙකුගේ ප්රාණය සේයී.. ඉතින් ප්රේමය ඇවිලෙන, නිවෙන, නවතින තැනයි ❞ සොල්හී ♡