❝ කාන්තාවන්ගේ මානව අයිතිවාසිකම් මෙන්ම පිරිමින්ටත් සම අයිතිවාසිකම් වෙනුවෙන් නීතිය මෙන්ම, සමාජයත් අලුත් විය යුතුමයි ❞
💜
මේකගේ තියන ආඩම්භරකාර කමට දෙන්න හිතයි දෙකක්.. අම්මපා කොල්ලොත් දැක්කා මේ වගෙ එවුන් දැකලා නෑනේ.. මන් හිතෙන් දෙහි කැපුවේ දෙනුවන් මල්ලිට.. මට මේම පුරුදුයි.. හැයි හැයි.. කියවන්න විතරයි දන්නේ.. අම්මපා තෙහස් උබටත් හොඳ වැඩේ බබ්බු නලවන්න යනවට.. දැන් බලමුකෝ දුවන්න පනින්න වුණාම මෙයාගේ රැස් බහින හැටි..
" ඔකේ ගායිස්.. අපි හැමෝම මුලින්ම වෝම් අප් වෙන්න එක්සර්සයිස් ටිකක් කරලා ඉමු.. අපේ ස්පෝට්ස් ටීම් එකේ සීනියර් අයියා කෙනෙක් එනවා ඔයාලාට එක්සර්සයිස් කරන්න.. හැමෝම පේලි හැදෙන්න එහෙනම්.. මිටි කට්ටිය ඉස්සරහට ඉන්න පේලි හදාගන්න.. ටීම්ස් ටික වෙන වෙනම හැදෙන්න.. "
මම එහෙම කියලා ගියා මගේ ටීම් එක ළඟට.. සෙට් එක උස මිටි මනිනවා.. මම ඉතින් බටු ඇටේ වගේ ඉන්න අහින්සා නංගිව අරන් ඉස්සරහින් හිට්ටුවට පස්සේ කට්ටිය පෝලිමට හිටගත්තා..කෙල්ලෝ හයට පස්සේ කොල්ලන්ගෙන් ඉස්සරහම හිටියේ දෙනුවන්.. කොල්ලෝ විතරක් පෙල ගැස්සුවා නම් මූ තමා ඉස්සරහම ඉන්නේ.. කොට හාවා.. මම දෙනුවන් ඉන්න හරියෙන් නැතුව පස්සට වෙන්න හිටගත්තා..
එහා පේලියේ ශාන් මල්ලිත් දෙනුවන් ළඟටම වැටිලා.. කෝමත් මුන් දෙන්නම එක උසනේ.. ඒ නිසා එක ළඟ වැටෙන එක පුදුමයක් නෑ.. ඒ අස්සේත් මුන් දෙන්නා කුටු කුටු ගානවා.. මන් ගිහින් ඒ දෙන්නා මැද්දෙන් හිටගෙන ඉස්සරහා බල්ලගත්තා..
YOU ARE READING
නොනිමි🌷✅
Non-Fiction® Nonfiction Bl ❝ ප්‍රේමය නම් එහෙමයි.. දවා අළු වූ පසුත් අළු මතින් අවදිවෙයි.. එය හුදෙක් ෆීනික්ස් කුරුල්ලෙකුගේ ප්‍රාණය සේයී.. ඉතින් ප්‍රේමය ඇවිලෙන, නිවෙන, නවතින තැනයි ❞ සොල්හී ♡