යාන්තමට අහස කළු කරගෙන එද්දි අවාරෙට වහින වැස්සට ආසාවෙන් මම ජනේල් රෙද්ද සම්පූර්ණම ඈත් කලා.. උදේ පාන්දරම අහසම කළු කරලා මහා අමුතු ගුප්ත බවක් ගේද්දි සති තුනකට විතර පස්සේ මම ආයෙම කැම්පස් එකට යන්න ලෑස්ති වුණා.. ශාන්, තෙහස් අයියා, නෙත්රු අයියා ඇරුණම මට උන කිසිම දෙයක් වෙන කවුරුත් දැනගෙන හිටියේ නෑ.. මෙඩිකල් එකත් හම්බුණ නිසා කැම්පස් එකේ කවුන්සිල් එකටත් මගේ නම දාලා තිබ්බා..
පෙරේදා අම්මා එක්ක ගිහින් අතේ ප්ලාස්ටර් එක ගලවන් ආවට මොකද ඩොක්ටර් කිව්වා මාසයක් විතර යනකම් දකුණු අතින් ලොකු බරවල් උස්සන්න එපා කියලා.. පුළුවන් තරම් පරිස්සම් කර ගන්න කිව්වා.. අනික මැණික් කටුව ළඟින්ම බිදිලා නිසා ඒක සනීප වෙන්න ටික කාලයක් යනවා කිව්වා.. ඒකට මැණික් කටුව ළඟට පොඩි බෑන්ඩ් එකක් වගේ ප්ලාස්ටර් එකක් ගැහුවා..
ඩොක්ටර් කියන්න වගේ තාම එක දිගට මොනාහරි ලියද්දි අත කැක්කුම ගන්නවා.. ඒ නිසා මම හුඟක් වෙලාවට දකුණු අතින් වැඩ කලේම නෑ..
මම ජනේලේ ළඟම තියන පොත් මේසේ ළඟට ගිහින් ටේබල් ලෑම්ප් එක පත්තු කලා.. කහ පාට එළියෙන් පාන්දර අදුරත් වැහිවලාවන් නිසා වැඩි වුණ කලුවරත් කපාගෙන කාමරේම දිස්නේ දුන්නා..
පොත් මේසෙටම අල්ලපු කබඩ් එක ඇරලා ලාච්චුවේ තිබ්බ ඩයිරිය එලියට ගත්තා.. මිනි කී එකෙන් ඩයිරියේ ලොක් එක ඇරලා ඒකේ හිස් පිටුවේ අද දවස දැම්මා..
02/02/22
වැහිළිහිනියෝ වැහිබර අහසට පෙම් බැන්දට
දාරානිපාත වැස්සකදි වැහිලිහිණියන් හොයා ගන්නට
නොහැකි ලෙස සැඟවුණා.. අවසානයේ ගිගිරුම්
හඬත්, අකුණු සැරත් වැහිබර අහසේ තනි රැක්කා..
ඉතින් කොහොමද ආදරේ ලැබුණ පලියට
ඒක අයිති කර ගන්නේ..
YOU ARE READING
නොනිමි🌷✅
Non-Fiction® Nonfiction Bl ❝ ප්රේමය නම් එහෙමයි.. දවා අළු වූ පසුත් අළු මතින් අවදිවෙයි.. එය හුදෙක් ෆීනික්ස් කුරුල්ලෙකුගේ ප්රාණය සේයී.. ඉතින් ප්රේමය ඇවිලෙන, නිවෙන, නවතින තැනයි ❞ සොල්හී ♡