එකම රැයක හදවත් 5ක කතාව..
Jk pov
මම ටේශිට ආදරෙයි. එකේ ආයේ කතා දෙකක් නෑ. මට ටේශි දකිනකොට මගේ හදවත නතර වෙනවා වගේ. එයා මන් දිහා බලන විදිහ එයාගේ දුඹුරු ඇස් මාව වෙනම ලෝකෙකට ගෙනියනවා. එක හරිම ලස්සන හැඟිමක්. ඇමරිකාවේදී මට gf ලා තුන හතරක් හිටියා තමයි. හිටපු එක කෙල්ලේකටවත් මට ආදරේ කලේ නෑ. උන් මාත් එක්ක හිටියේ සල්ලි වලට නැත්නම් මගේ ඇඟට.ටේශි මගේ දිහා හොරෙන් හොරෙන් බලන විදිහට මට තේරෙනවා එයත් මට කැමති කියලා. ඒත් දැන්ම අහලා එයා අකමැති වෙයිද කියලා මට බයයි. තම අපි අඳුනගෙන මාසයක් වගේ පොඩි කාලයක් නිසා. තව ටික දවස් ඉවසනවා.
ඉක්මනින් වෙලා මට එයාව නැති කර ගන්න ඕනේ නෑ. හ්ම්.. ලීසාත් මන් දිහා බලන විදිහ මට වැඩිය අල්ලන්නේ නෑ හැබැයි. ඒකීත් මට ට්රයි ද මන්දා. Uni එකේම කෙල්ලෝ 50ක් විතර මට ලයින් දාන එකේ තව එකෙක් වැඩි උනා කියලා මට මොකෝ. 😏
මට ඕනේ මගේ ටේශි විතරයි ❤️
Teashi pov
ඇගේ මහන්සි යන්නත් එක්ක නාලා ඇවිත් ඇදේ පෙරලි පෙරලි ඉන්නකොට මගේ හිතට ක්ෂණිකයෙන් ආවේ ජන්කුක්. "මොනවද අනී අද canteen එකේදී ජන්කුකී ඒ කිවේ". ඇයි මට ජන්කුකී ලගට එනකොට අමුතු දේවල් හිතෙන්නේ. අනේ මට ඇත්තට එයාගේ ඇස් දිහා බලන්න බෑ. ඒ දිලිසෙන බෝල ඇස් මට වෙනම කතාවක් කියනවා වගේ මට දැනෙන්නේ ඇයි. මම බැරිවෙලාවත් එයාට ආදරේ කරනවද?නෑ නෑ ටේශි ඒ වගේ අදහසක් ඔයාගේ හිතට එනවා නම් දැන්මම මරලා දාන්න. ජන්කුකියි ඔයයි කියන්නේ අහසට පොලොව වගේ දෙන්නෙක්. කවදාවත් එකතු වෙන්න බැරි. අනේ ඒ උනාට මට එයා ඕනෙනේ. 🥺 මම දන්නවා, මට තේරෙනවා එයාටත් මාව ඕනේ කියලා.
Lisa pov
Room එකේ තිබ්බ අතට අහුවෙන සේරම මම පොලොවේ ගැහුවා. මල් වාස්, එක එක වර්ග වල perfume, cream වර්ග බෝතල් 100 විතර මම කුඩුකලා. මට ඕන මගේ කේන්තිය අඩු කර ගන්න.ඔලුව පැලෙන්න වගේ මම දෑතින්ම කෙස් ඇදලා ඔලුව තද කරලා අල්ල ගත්තා.
මොකක්ද දෙයියනේ මේ වෙන්නේ. ජන්කුක් ටේශි ට කැමති ද? බෑ... බෑ... බෑ... එහෙම වෙන්න දෙන්නේ කොහොමද.
YOU ARE READING
Has Changed (Taekook)
Fanfiction🦋 - මාර්ක්.. මට දැන් ඕකාගෙන් ඇති වැඩක් නෑ.. මම අරූව දැන් මගේ කරන් ඉවරයි. ඕකව ගෙනිහින් කුනු කාණුවකට විසික් කරලා දාපන්. දුරකතන විසන්දි කල ඇය තරුනයා අවදී විමට පෙර නැවත කාමරය දෙසට පා තැබුවා. 🦋 - මම උබෙන් පළිගත්තා Kim Taeshi... අද ඉදන් jeon jungkook...