7

385 44 0
                                    

Next Day

At Cafe Dior

🐥 - අම්මෝ යුංගි දැන්නම් මම බඩපැලෙන්න කාලා ඉන්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐥 - අම්මෝ යුංගි දැන්නම් මම බඩපැලෙන්න කාලා ඉන්නේ. තවත් නම් එක එක කතා කියවලා මාව හිනා ගස්සන්න එපා.

🐱 - මන් කියන අන්තිම කතාවත් අහන්න ජිමින්.

යූංගි එක කිව්වේ ගොඩක් සීරියස් මූඩ් එකකින් ලොකු හුස්මක් පිටකරලා. මෙච්චර වෙලා විනෝදෙන් හිටපු යුංගි ඇයි දැන් මෙහෙම සීරියස් වෙලා.. ජිමින්ට තේරුම් ගන්න බැරි උනා. කියන්නේ මොකක්ද කියලා ඇස් දෙකත් ලොකු කරන් යුංගි දිහා බලන් හිටියා.

🐱 - මම ඔයාට ආදරේ කරනවා ජිමින්. අපි හම්බවෙලා මාසයයි තමයි. ඒත් මට ඔයාව දැනෙන්නේ කල්පයක් තිස්සේ මාත් එක්ක හිටපු කෙනෙක් වගේ. ඔයා හිතලා බලලා මට තීරනයක් කියන්න.

යුංගිට හිතේ තියන දේ කියලා දැම්මට පස්සේ ජිමින්ට මූන දෙන්න බෑ වගේ දැනුනා. අඩුම තරමේ ජිමින් gay ද නැද්ද කියන්නවත් යුංගි දන්නේ නෑ. හිතට දැනෙන අපහසුතාවය නිසාම එලියට යන්න හිතන් යුංගි පුටුවෙන් නැගිටලා යන්න හදනකොටම පුංචි අතක් යුංගිගේ අතින් අල්ල ගත්තා.

🐥 - මට අමුතුවෙන් හිතලා ගන්න තීරනයක් නෑ යුංගී. මම ආදරෙයි ඔයාට

🐥 - අනික ආදරේ කියනකොට පොඩ්ඩක් රොමැන්ටික් වෙනවකෝ පූසෝ. පොල්ලේන් ගහන්න වගේ එක පාර නොකියා.

ජිමින් ඉතිං ලෝකේ අනික් පැත්ත හැරුනත් ජිමින්ම තමයි. 🤣

🔸🔸🔸🔸🔸

4 month late..
(Time skip කරනවා හොදේ. නැත්නම් කතාව නිකන් බොරුවට ඇදෙනවා)

ලීසා දැන් ටේශිව ආශ්‍රය කරනවා අඩුයි. දැන් එයා ගොඩක් වේලාවට ඉන්නේ හෙන high class එකෙන් ඉන්න අනික් අයට ලොකුකම් දාන ආඩම්බර කෙල්ලෝ සෙට් එකක් එක්ක. ලීසාට එහෙම ඉන්න තරම් සල්ලි තියෙනවා. එක ප්‍රශ්නයක් නෑ. ඒත් මේ එක පාරම යාලුවෝ මග අරින්නේ ඇයි කියන ප්‍රශ්නේ ටේශිට තිබ්බා. ඒත් කවුරුවත් එකට හේතුව දන්නේ නෑ. ලීසාත් බේර ගන්න නැති නිසා ටේශි එහෙන් මෙහෙන් bully වෙන්න ගත්තා. දැන් ටේශිට class එකේ ඉන්න එකම ආරක්ෂකයා උනේ ජන්කුක්.

සමහරදාට ටේශිගේ පොත්වල තින්ත හලලා තිබ්බා. ලෝකර් එක කඩලා නෝට්ස් කීතු කීතු වලට ඉරලා තිබ්බා. ටේශිට වෙන දේවල් එකක්වත් හිතා ගන්න බැරි උනා.

මේ හැමදේකම පිටිපස්සේ හිටියේ ලීසා. ලීසාට ඕන උනා ටේශිව මානසිකව වට්ටන්න. එතකොට එයාගෙ ඊලග පියවරට යන්න ලේසී නිසා.

ලීසාගේ වෙනස් වීම ටේශීට දරාගන්න බැරි දුකක් ගෙනාවා. ටේශි කියන්නේ ආදරේ බොහොම අඩුවෙන් ලැබුනු ලමෙක්. ඉතිං එයාගේ අඳුරු ජීවිතේට මුලින්ම ආලෝකමත් කලේ ලීසාගේ යාලුකම. ටේශී දුප්පත් අනාතයෙක් නිසා හැමොන්ම කොන් කරනකොට එයා ලඟින්ම හිටිය ලීසා දැන් එයාව ගනන්ගනේවත් නෑ.

ලීසා කියන්නේ ඇත්තටම හොඳ හදවතක් තියෙන කෙනෙක් උනත් එයාගේ පලවෙනි ආදරේ නිසා, කොටින්ම ජන්කුක් නිසා එයා ආත්මාර්තකාමී, නපුරු, ඊර්ෂ්‍යාව පිරුනු කෙනෙක් බවට පරිවර්තනය වෙමින් හිටියා.

මේ වාර අවසානේ තිබ්බ exam එකෙන් කවදාවත්ම නැතුව ලීසා පලවෙනියා වෙනකොට ටේශි හතරවෙනියා වෙලා තිබ්බා.

🦋 - මන් මගේ දේවල් ගන්න පටන් ගත්තා විතරයි ටේශී. ඉස්සරහට ඔයාට තව ගොඩක් දේවල් නැති වෙයි.

ලීසා තමාටම කියා ගත්තා.

🔸🔸🔸🔸🔸

ටේශි කියන්නේ අනික් අය වගේ සල්ලි තියන පවුලක කෙනෙක් නොවන බවත් අමාරුකම් ගොඩක් මැද්දේ අනාත නිවාසෙක ජිවත් වෙන කෙනෙක් කියලා ජන්කුක් ට මේ වෙනකොට තේරිලා තියෙන්නේ. ඒ වගේම ටේශි යාලුවන්ටත් නොකියා හවසට coffee shop එකක part time job එකක් කරනවා කියලාත් ජන්කුක් දැන ගත්තා. ඒ ටේශිට හොරෙන් uni එක ඇරුනාම ජන්කුක් ටේශිව follow කරපු නිසා. ටේශිට uni එක ඇතුලේ කොල්ලේක් නැති උනාට uni එකෙන් පිට කොල්ලේක් ඉන්නවාද කියලා ජන්කුක්ට හරියටම දැන ගන්න ඕන උනා.

ටේශිට දැන් ලීසා ඉස්සර වගේ උදව් කලේ නෑ. ඒක නිසා ටේශි ට මුදල් වලින් අඩුපාඩු වැඩියෙන් දැනෙන්න ගත්තා. පාඩම් කරන්න තිබ්බ වේලාව කැප කරලා ටේශි හැමොන්ටම හොරෙන් තව part time job එකක් කරන්න ගත්තා. ටේශි කැමති උනේ නෑ යාලුවන්ට කරදරයක් වෙන්න. ලීසා උනත් දෙන මුදල් ටේශි ගත්තේ ලීසාගේ බල කීරිමටමයි.

ජන්කුක් ටේශි කියන්නේ දැන් වචනයෙන් විතරක් ආදරේ නොකියපු එත් ඒ දෙන්නා ආදරේ කරනවා කියලා මුලු uni එකම දන්න couple එකක්. ලීසා මේ දෙන්නාගේ ආදරේ කඩකප්පල් කරන්න හදපු ප්ලෑන් එකක්වත් success කර ගන්න බැරි උනා නිසා ලීසා එයාගේ ලොකුම තුරුම්පුව පාවිච්චි කරන්න හිතුවා. ඒ ජන්කුක් ගේ ඔම්මා..

Has Changed (Taekook)Where stories live. Discover now