33

1K 59 22
                                    

තේහ්‍යුන්ග් ජන්කුක් බදාගෙන ඇඬුවා. එයා සමාව ඉල්ලුවා ජන්කුක් ට ඇත්ත නොකියපු එකට. ජන්කුක් තේරුම් ගත්තා තේහ්‍යුන්ග් ඇත්ත කියන්න පුළුවන් තත්ත්වය හිටියේ නෑ වගේම සමහර විට කලින් ඕක කිව්වත් ජන්කුක් පිලිනොගන්නත් තිබ්බා කියලා.

සතියකට පසු
තේහ්‍යුන්ග්ව බලා ගන්නේ කවුද කියන මහා වලියෙන් ජිමින් ජයග්‍රහණය කලා. ජින් එක්ක ඉදිරිට තේහ්‍යුන්ග් රටින් පිට යන නිසා ජිමින්ට කොරියාවේ ඉන්නකල් තේහ්‍යුන්ග්ව භාරවුනා. ජිමින්ට හැමවෙලේම බොරුවට අඬන තේහ්‍යුන්ග්ව නලව ගන්න නම් ගොඩක් මහන්සි වෙන්න උනා.

 ජිමින්ට හැමවෙලේම බොරුවට අඬන තේහ්‍යුන්ග්ව නලව ගන්න නම් ගොඩක් මහන්සි වෙන්න උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජන්කුක් මෙහෙ තියන බිස්නස් සේරම හොසොක්ට බලාගන්න පැවරුවා. අනික් තිබ්බ දේපල සේරම මේ වෙනකොට විකුනන්න දාලා තිබුනා. ජන්කුක් ට ඕන දැන් කොරියාවේන් යන්න. නම්ජුන්ට වගේම අමිහිරි මතක පිරුනු කොරියාවෙන් ජන්කුක්ටත් යන්න ඕන උනා. ලීසා සේහි වගේ ජිවිතේම පසුතැවීමක් ඉතුරු කර ගන්න කොට, නම්ජුන් වගේම මෝඩයෙක් වගේ යාලුවාව විශ්වාස කරපු එක ගැන කලකීරිමක් ජන්කුක්ගේ හිතේ තිබ්බා.

නම්ජූන්ගේ අදහස උනේ එයාලා එක්ක belgium යමු කියන එක. මුලින් එකට ජන්කුක් අකමැති උනත් ජීන් පපාගේ ඉල්ලීමට අන්තිමට ජන්කුක් කැමති උනා.

සේහිගේ භූමිදාන කටයුතු ඉතාම චාම් ආකාරයට සිදුකරා. සේහි මිනිමැරුම් නඩුව දින දෙකකට කලින් පැවැත්උනත් ජන්කුක්, නම්ජුන් කවුරුත් ඒ නඩුවට ගියෙ නෑ. තේහ්‍යුන්ග් යනවට කැමති උනේ නැති නිසා. ලීසාට ජීවිතාන්තය තෙක් හිර ගෙදරට වෙලා ඉන්න දඬුවම් ලැබිලා තිබ්බා. ලීසා වගේ සැපට හැදුනු කෙනෙක් කොහොම එහෙම ජිවිතයක් ගෙවයිද කාටවත් හිතා ගන්න බැරිඋනා.

Has Changed (Taekook)Where stories live. Discover now