24

440 45 0
                                    

තේහ්‍යුන්ගේ හතුරන්ගේ ලෑයිතුවේ උඩින්ම ඉන්න කෙනෙක් තමා ජෙනි කියන්නේ. අනික් කෙනා ලීසා. ජෙනිත් ජන්කුක්ගේ කරේ එල්ලෙන්නමයි හදන්නේ.

ජන්කුක් දන්නවා තේහ්‍යුන්ග් ජෙනි එක්ක ඊර්ෂ්‍යාව කියලා. ඒ නිසා තේහ්‍යුන්ග්ව අවුස්සන්න ජන්කුක් ජෙනි එක්ක වැඩියෙනුත් කතා කරනවා. මේ ගැන නොදන්න තේහ්‍යුන්ග් ඉතිං පුපුරනවා.

ලීසා ජන්කුක්ගේ fiance කියලා මුලු company එකම දැනන් හිටියා. ලීසා company එකට එන්නේත් company එක ඇතුලේ ඇවිදින්නේත් හරිම මහන්තත්ව කමකින්. ඒක නිසා ලීසව කාටවත් පෙන්නන බෑ. තේහ්‍යුන්ග් කවදාවත් ලීසට මූන දෙන්න ඉස්සරහට ගියෙත් නෑ. ලීසා එනවා කියලා දැන ගත්ත ගමන් ලීසව මඟ ඇරලා තේහ්‍යුන්ග් කොහෙහරි රිංග ගන්නවා.

තේහ්‍යුන්ග් ජන්කුක්ට කැමති කියන එක ඉතිං company එකේ ප්‍රසිද්ධ ම රහස්වලින් එකක්. තේහ්‍යුන්ග් කරන පිස්සු විකාර වැඩ නිසා එක හැමොන්ම දැන ගත්තා. කවුරුත් එක ලොකුවට හිතුවේ නෑ තේහ්‍යුන්ග් කියන්නේ කොහොමත් දඟමල්ලක් නිසා. ලීසා එනකොට තේහ්‍යුන්ග් හැංගෙන එකත් එයලා හිතුවේ තේහ්‍යුන්ග් ඊර්ෂ්‍යාවට කරන වැඩක් කියලා. කොහොමත් තේහ්‍යුන්ගේ හැසිරීම බබෙක් වගේ නිසා.

එදා උන දේ ගැන තේහ්‍යුන්ග්වත් ජන්කුක්වත් ඒ ගැන කතා කලේ නෑ. ඒත් තේහ්‍යුන්ග් ජන්කුක්ට මූන දෙන්නේ නෑ. ජන්කුක් එහෙන් මෙහෙන් එක මතක් කරලා වචනයක් දාපු ගමන් තේහ්‍යුන්ග් රතු වෙනවා ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ. . ඒ මදිවට තේහ්‍යුන්ග් ගෑනු ලමයි පාවිච්චි කරන earrings දානවා. ඒ නිසා තේහ්‍යුන්ග් ගෙන් ජන්කුක් ගොඩක් වේලාවට ටේශිව දැක්කා.

අද office එකේ රෑ වෙනකල් වැඩ තිබ්බා. හෙට project එකකට අවශ්‍ය ප්ලෑන් වගයක් හදන්න තිබ්බ නිසා. රෑ 9 යි වැඩ ඉවර වෙනකොට.

🐰 - අපි දැන් යමු තේහ්‍යුන්ග්. දැන් මටත් මහන්සී.

🐯 - හ්ම්..

කටත් බේරි කරන් නිදි මතේ ඉන්න තේහ්‍යුන්ග් දැක්කාම ජන්කුක් ට හිනා ගියා.

🐰 - මම ඔයාව ගෙදරින් දාන්නම් යන ගමන්. මෙච්චර රෑ වෙලා බස් එකේ යන්න ඕනේ නෑ. ඇරත් අර කොට ජිමිනාගෙන් මට බැනුම් අහන්න බෑ.

Has Changed (Taekook)Where stories live. Discover now