💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT 💞💞....
සුරංගනා ලෝකෙන් ආපු කුමාරයෙක්.... වීනස්ව හොයාගෙන ඇවිත් වෙන්න ඇති..... ❤💚
.
.
.
.
." ආ.......අද බ්රෝච් එකද නෝට් බුක් එකද දන්නෙ නෑ....."
මේ බදාදා උදෑසනයි... ඇත්තෙන්ම යීබෝ ප්රධාන ගේට්ටුවෙන් වාහනය ඇතුලට දැම්මේම එක් රුවක් වාහන අංගනය අසල සිනාසෙමින් සිටිනවා දැකගැනීමේ අවිනිශ්චිත ආශාවකින් කීවොත් නිවැරදිය.... ඇත්තෙන්ම ඒ ආශාව තුල තිබුනේ අවිනිශ්චිත බවකි... කෙසේ වෙතත් ඔහුගේ කෝට් එකේ තවත් දේවල් දෙකක් තිබුණි බව යීබෝට හොද මතකයක් ඇත.... පෙරදිනයේ ඒවා කොහේදැයි කියා යීබෝ ඇසුවේ වත් ඒවා තිබුනු බවක් ශාන් කීවේවත් නැත....
කෙසේ හෝ ඉතින් යීබෝගේ Anemone මල වාහන අංගනය අසල බෑගයත් එල්ලාගෙන සිනාසෙමින් සිටිනු දකිද්දී ඔහුගේ ආත්මයම සුවපත් වූ බවක් යීබෝට දැනුනේය ... වාහනය ලඟට එද්දී ඒ සිනහව තවත් වර්ධනය උනේය ....
" ගේට්ටුව ළඟින් බැහැලා මේ ටික පයින් ඇවිල්ලා මං එනකල් බලාගෙන ඉන්නවා.... "
ඉතින් ඒ බව සිහි වන විට යීබෝගේ පපුව ඇතුලෙන් මහ පුදුමාකාර හැඟීමක් පිටතට පැතිරෙන්නට පටන් ගත්තේය.... කොයි තරම් ආදරණීය හැඟීම් හදවත තුළ තිබුණත් වාහනය නතර කළ සැනින් යීබෝ ඔහුට පුරුදු බැරෑරුම් පෙනුම සමඟින් වාහනයෙන් බැස්සේය....
YOU ARE READING
💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT 💞💞 yizhan fan fiction Complete ✔
Fanfiction💚💚 මේ ඔයාමද..................... ඔව් මේ ඔයාමයි......... ඉතින් ඔයා මගේමයි.........මගේ විතරමයි........... එච්චරයි ......... ❤❤ ......................................................................... 𝕎𝕙𝕠𝕝𝕖 𝕄𝕪 𝕃𝕚𝕗𝕖 💚❤