💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT 💞💞.......
.
.
." තව ගොඩක් දුරද එයා ඉන්නෙ ගගා...."
වෙලාව උදෑසන හය පසු වෙනවා පමණි... වෙනදාට ශාන්ව උදෑසනට අවදි කරගන්නට බෙර හතක් ගැසුවත් අපහසු වෙද්දී අද ඔහු පාන්දර හතරේ සිට අවදි වී ශිචෙන් වත් අවදි කරවගෙන නිවස තුළ හොඳ අඩව්වක් අල්ලා අවසානයේ දැන් වාහනයට නැග සිටින්නේය.... ඒවා මතක් වෙන විට ඉතින් ඔහුගේ සොයුරාට සිනහව නවත්වා ගන්නට නොහැකිය....
" දෙයියනේ චූටි බබා...... අපි තව විනාඩි දහයක් වත් ආවෙ නෑ.... ඔයාට ඕනෙ ශැන්ග් ගෙ ඔත්තුකාරයෙක් අපිව දැකලා මගින් හැරිලා ආපහු ගෙදර එන්නද...."
ඉතින් ශාන් විනාඩි දහයකට පහළොවකට නිහඬ විය.... මාස එකහමාරකට පමණ පසුව ඒ උණුසුමට ගුලි වෙන්නට බලාපොරොත්තුවෙන් සිටින ඔහුගේ මේ හදිසිය ඉතින් ශිචෙන් ගේ හිතටත් වේදනාවක් ඇතිකලේය... ඒ අස්සේ ඕනෑවට වඩා ශාන්ගේ ජීවිතයට බලපෑම් එල්ල කරන ශැන්ග් පිළිබඳවත් ශිචෙන්ගේ හිතට කේන්තියක් ඇතිවුනේය ...
යීබෝ ඉවසන තරම්..... යීබෝ නිසාම , ඔහුගේ හේතු පැහැදිලි කිරීම් නිසාම ශාන් මෙල්ල වී සිටින විදිහ... මේ සියල්ල දෙස ශිචෙන් නිහඬව බලාගෙන සිටින්නේය.... යමක් සිදු කරන්නට ඇති නොහැකියාව නිසා නොව සිදු කළ යුතු සියල්ල පිළිවෙළකට සැලසුම් සහගතව සිදු කළ යුතු නිසා ඔහු ඉවසන්නේය..... ඔහු මෙන්ම යීබෝත් ඒ නිසාම ඉවසන්නේය....
" හෙලෝ යීබෝ ඩිඩී.......අපි දැන් ඔයා කියපු හරියේ...."
හරියටම හෝරාවකට ආසන්න කාලයක් සින්චාන් වලින් ශැංහයි යන ප්‍රධාන මාර්ගයේ වාහනය පදවාගෙන ආ ශිචෙන් යීබෝට ඇමතුමක් ගනිද්දි ශටර් එකෙන් පිටත බලාගෙන සිටි ශාන් ඉක්මනින් ශිචෙන් දෙස බැලුවේය .....
YOU ARE READING
💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT 💞💞 yizhan fan fiction Complete ✔
Fanfiction💚💚 මේ ඔයාමද..................... ඔව් මේ ඔයාමයි......... ඉතින් ඔයා මගේමයි.........මගේ විතරමයි........... එච්චරයි ......... ❤❤ ......................................................................... 𝕎𝕙𝕠𝕝𝕖 𝕄𝕪 𝕃𝕚𝕗𝕖 💚❤