18... දහ අටවෙනි දිගහැරුම ....🍁

1.4K 349 177
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️

.
.
.

යීබෝ  හා යැයි හිස සලා ශෙරීන්  වාඩිවී සිටින ස්ථානය ඉදිරියේ බිත්තියේ එල්ලා තිබෙන විශාල පින්තූරය දෙසත් බලාගෙන හිඳ ඔහු වෙනුවෙන්ම වෙන් වී තිබෙන කාමරය තුළට ගියේය.......

කාමරය තුළට පැමිණි යීබෝ  එක් පුංචි තොරතුරක් නිසාවෙන් තමන් මුලින්ම මෙම නිවසට පැමිණි දිනය සිහි කරන්නට පටන් ගත්තේය....

**

  2016 මාර්තු මාසයයි...යීබෝ   හ්වාෂි  වලට පත්වීම අරගෙන ඇවිත් ගෙවී යන තුන්වෙනි මාසයයි.... පාසලේම තියෙන කුඩා ගුරු නිවාසයක නතර වී සිටින යීබෝ කිසිවෙකුත් සමග වැඩිපුර කතාබහ නොකළාට ළමුන්ගේ ආදරය හරි අපූරුවට දිනා තිබුනි.... ඉතින් පාසල අවසන් වී නිවෙස් වලට යන සමහර ළමුන් සවසට යීබෝ සිටින ගුරු නිවාසය අසල ඇති පිට්ටනියට සෙල්ලම් කරන්නට එන නිසා යීබෝත් ඒ අවට අසුන්ගෙන  ඒදෙස බලාගෙන සිටින්නට පූදුවී සිටියේය ....

ඉතාමත් අඩු පහසුකම් සහිත පාසක් උවත් මෙලෙසින් ක්‍රීඩා පිටිය කෙලවරක අසුන් ගෙන බලාගෙන සිටිද්දී  සිහිවන්නේ ෂින් සමඟින් බෙයිජින් පාසලේ ගතකල ජීවිතයයි...

ඉතින් ෂින්ගේ පින්තූර දෙකතුනක් අලුත් වැඩියා කර  ඔහු ඔහුගෙ දුරකතනයට සේව් කරගෙන සිටින අතර ෂින් මතක්වන සෑම මොහොතකම ඔහු  දුරකථන තිරය දෙස බලාගෙන සුසුම් හෙලන්නේය.... මේ වනවිට ෂින් මෙලොවින් සමුගෙන වසර දොළහකට ආසන්න වෙමින් තිබුනත් යීබෝගේ වේදනාවේ නම් අඩුවක් තිබුනේ නැත.....

කාගේදෝ හදවතකින් හුස්ම අල්ලන තමන්ගේ මරණයත් ඉක්මනින් ලැබෙනවා නම් කොයිතරම්  හොදදැයි යීබෝ  සිතූ වාර අනන්තය... ඉතින් තනිකම පාලුව මකාගන්නට ඔහු දුම්පානය ට සහ ඉදහිට මත් පැන් වීදුරුවකටද ඇබ්බැහිවී සිටියේය...

" මේ රූපෙ වගේම ලොකු පොටෝ එකක් මාරි අන්ටිලාගෙ ගෙදර බිත්තියෙත් තියෙනවා......එහෙ ඉන්න ඇවිදින්න  බැරි නැන්දා ඒකට මල් මාලෙකුත් දාලා තියෙනවා ........"

යීබෝ  දුරකතන තිරයේ ඇති ෂින්ගේ පින්තූරය දෙස බලාගෙන සිටිනු දුටු පාසලේ දරුවෙක් එතැනට ඇවිත් එම පින්තූරය දැක එළෙසින් කියද්දී යීබෝගේ  දෙනෙත් විසල් වී ගියේය.... ෂින්ගේ පින්තූරයක් මේ ගම්මානය තුළ , ඇවිදින්නට නොහැකි කාන්තාවන් යීබෝ  ප්‍රශ්නාර්ථයක් පිරුණු බැල්මක් සමගින් ඒ දරුවා දෙස බැලුවේය...

💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT  💞💞   yizhan fan fiction Complete  ✔ Where stories live. Discover now