35.. තිස් පස්වෙනි දිගහැරුම ....🍁

1.2K 314 229
                                    

💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT 💞💞.......

.
.
.
.

" මම ආපහු ඉක්මනින් එන්නම් මම්මියා ........අඩන්නෙපානේ........මට දුකයිනේ......"

ශාන්  සිටින්නේ ශෙරීන්ව වැළදගෙන ඒ ගෙල අස්සේ මුහුණ තියාගෙනයි ....තවම හරියට හිරු වත් උදාවී නැත... වේලාව උදෑසන හය පසු වෙමින් තිබුණත් අද ඇත්තේ වැහි බර කාලගුණයකි... හ්වාෂි අහසට ඉතින් මේවා අරුමයක් නොවන්නේය....දින දෙකක් හොඳින් හිරු පායා තිබුණත් ඊළඟ දිනය ගැන විශ්වාසයක් තබන්නට නොහැකිය.....

" හරි ඔන්න මම අඩන්නේ නෑ.....දැන් මගෙ මැණික  මූණ උස්සලා මගේ දිහා බලලා මට ලස්සන හිනාවක් දෙන්නකෝ...."

ශාන්ව සෑහෙන වේලාවක් වැළඳගෙන සිටි ශෙරීන් එලෙසින් කියද්දී යීබෝත් එතැනට ඇවිත් ශාන්ගේ  හිස අතගෑවේය ....අවසානයේ ශාන්  හිස ඔසවා ශෙරීන් ගේ කම්මුලක් සිපගත්තේය .... ගෙවී ගිය දින දෙක පුරාම නිවස තුළ සිටින සම්පූර්ණ කාලයම ශාන් ඇය අසලින්ම රැඳුන අතර ගිරවෙක් මෙන් බොහෝ දේවල් ඇය අසල වාඩි වී කියවන්නට පුරුදු වී සිටියේය.... ඉතින් මේ සමු ගැනීම දෙදෙනාටම වේදනාවක් බවට පත් වී තිබුණු අතර මෙතරම් කාලයක් සියල්ල දරාගෙන සිටි ශෙරීන් අවසානයේ හිත හදාගෙන පුංචි එකාව සනවසවන්නට තීරණය කලේය .....

" ඔන්න මම හැමදාම නැන්දගෙ ෆෝන් එකට කෝල් ගන්නවා......ආපහු   පැනගන්න පුළුවන් වෙච්ච ගමන් ඔයාව බලන්න එනවා.. පරිස්සමෙන් ඉන්නවා කියලා පින්කි ප්‍රොමිස් එකක් ඕනි....."

චූටි ඇඟිල්ලක් ශෙරීන් වෙතට දිගුකරමින් ශාන්  කියද්දී මාරි සහ යීබෝ මුහුණට මුහුණ බලාගෙන සිනාසුනේය ..... 

" ඔන්න එහෙනම් පොරොන්දු වුනා.....".

ශෙරීන් චූටි ඇඟිල්ල ශාන්ගේ චූටිම චූටි ඇඟිල්ලේ පටලවාගත්තෙය ...

" දැන් සීල් එකක් තියමු........."

ඉතින් ශාන්ගේ මේ සිඟිති වැඩවලට හිනායන්නට ආවත් ඇය නිහඩවිය ..

" දෙන්නම පරිස්සමෙන් යන්න පුතේ......"

ඉතින් අවසානයේ  දෙනෙත් වල කඳුළු පුරවාගෙන ශාන් වාහනයේ අසුන් ගත්තේය....දින දෙකක් පුරාවට  සතුට සෙනෙහස රැඳී තිබුණු කුඩා නිවස ක් දර්ශන දර්ශනපතීන් ඈත් වී යන විට ශාන්  එක්වරම යීබෝගේ  බාහුවක මුහුණ සඟවාගත්තේය ...

💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT  💞💞   yizhan fan fiction Complete  ✔ Where stories live. Discover now