09.. නවවෙනි දිගහැරුම ...🍁

1.4K 346 158
                                    

💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT 💞💞......

.
.
.
.

" පපා එක්ක මේ ගැන කතාකරන්නෙ කොහොමද.......එයා කැමතිවෙයිද......බනීද........ ඒත් හිතට හයිය අරගෙන ඩිනර් ටේබල් එකේදි කෙලින්ම අහනවා........ ගගාත් ඉන්නවා මගෙ ජීයිත් ඉන්නවනේ........ එයාලා මට උදව් කරයි....."

ශාන්  සිටින්නේ ඔහුගේ කාමරයෙන් පිටතට ඇති බැල්කනියේ කෙටි බැම්මට හේත්තුවී අහස දෙස බලාගෙනයි ... වෙලාව රාත්‍රි අටට ආසන්න වී ඇත..... බරපතල තීරණයක් අරගන්නට ඔහු සැලසුම් සකස් කරන්නේය... මේ මොහොතේ ඒ තීරණය ගත යුතුමය....

" ඩිනර් ගන්න තව විනාඩි විස්සක් තියෙනවා....හ්ම්ම්ම්.. මට හරි දුකයි අප්පා..... "

ශාන් අහස දෙස බලාගෙන කල්පනා කරන අතර සුසුමක් පිටකලේය ...

" මට එයාව මතක් වෙනවනේ......."

ශාන්ගේ ඇස්වලට කදුලුත් ඉනුවේය ..... ඔහු යලිත් බර හුස්මක් පිටකරමින් ඒ මුහුණ අමතක කරන්නට උත්සාහ කරන්නේය...

" දුකයි ................"

තවත් වේලාවක් එතැන රැදෙන්නට උවමනාවක් නැති නිසාම ශාන් කාමරයට ආවේය ....

ඇදට යන්නේ නැතිව කන්නාඩි මේසය අසල ඇති පැද්දෙන පුටුවේ වාඩිවී එහි පැද්දෙමින් කන්නාඩියෙන් පෙනෙන තමන්ගේම රූපය දෙස බලාගෙන සිටියේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඇදට යන්නේ නැතිව කන්නාඩි මේසය අසල ඇති පැද්දෙන පුටුවේ වාඩිවී එහි පැද්දෙමින් කන්නාඩියෙන් පෙනෙන තමන්ගේම රූපය දෙස බලාගෙන සිටියේ...

" චූටි බේබි.......කෑමට එන්න......"

බලාපොරොත්තු වූ හඩ දොර අසලින් ඇසෙද්දි ශාන්  පුටුවෙන් බිමට පැන යුද්ධයකට යන සොල්දාදුවෙකු ලෙසින් බර හුස්මක් පිටකර කාමරයෙන් පිටතට ආවේය .... පඩිපෙල බැස යද්දී දැන් ඔහුගේ පපුව වේගයෙන් ගැහෙන්නේය....

" මේරි කතාකරනකල්ම ඉන්නවා ඉතින්...ටිකක් වෙලාව බලලා එන්න බෑ....."

💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT  💞💞   yizhan fan fiction Complete  ✔ Where stories live. Discover now