💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT 💞💞.......
.
.
.
." හදිසි වැඩකට ෂැන්හයි යනවා කියලා තමා මට කෝල් කරලා කිව්වේ.... දවස් දෙකකින් නැත්තං තුනකින් එනවා කියලා තමයි කිව්වේ...."
",අහ්.......එයාගේ ෆෝන් එක වැඩ කරන්නේ නැති හින්දා තමයි හොයන්න ආවේ....මං එයාගේ ඉස්කෝලේ යාළුවෙක්....."
ශිචෙන් ඇනා දෙස බලා පැවසුවේය ..
" ආ.....මම ජින් පුතාව විතරයිනේ අඳුනන්නේ....."
ඇනා ලෙංගතු ලෙසින් සිනාසෙමින් කීවේය ...
" ජින්ගෙ එපාට්මන්ට් එක ලඟම තමා මමත් ඉන්නේ... අපි high school එකේ ඉඳලම යාලුවෝ...හදිසියේවත් එයා ආන්ටිට කතා කළොත් කියනවද ශිචෙන් ට කෝල් එකක් දෙන්න කියලා ..."
" හරි මම කියන්නම්.... කොහොමත් එයාගේ ෆෝන් එක ඕෆ් වුනාට අපි කලබල වෙන්නෙ නෑ.....ඒක නිතරම ඔහොම තමා....."
ශිචෙන් සිනාසෙමින් හුනස්නෙන් නැඟිට්ටේය ..පසුව ඇනාගෙන් සමුගෙන ඒ නිවසින් පිටතට ඇවිත් වාහනයට ගොඩවුනේය ..
මේකා මෝඩයා වගේ කොහාට හරි ගිහින් වගේ... දැන් කොහෙන්ද මං මේ කොල්ලව පොඩි එකාට හොයලා දෙන්නේ....
මහා මාර්ගය දිගේ යලිත් රෝහල දෙසට යන අතර ශිචෙන් කල්පනා කරන්නට පටන් ගත්තේය......... මේ සිදුවූ සිදුවීම් ඔහුට හිතාගන්නට නොහැකිය....උසස් පාසල් කාලයේ යීබෝගේ හදවත් සැත්කම පිළිබඳව ඔහු දැනගත්තේ දෙතුන් වතාවක් අසනීප වී ඔහුව නිවසට රැගෙන යන විට ශිෂ්‍ය නායකයකු ලෙසින් සිටි නිසා එතැනදී මූලිකත්වය ගැන කටයුතු කළ නිසාවෙනි....
" එයාගෙ හොඳම යාලුවා ඇක්සිඩන්ට් එකක් වෙලා නැති වුණා..."
යීබෝ කිසිවෙක් සමගින් ඕනෑවට වඩා කතාබහ කරන්නේ නැතුව සිටියදී ඒ පිළිබඳව ජින් ගෙන් විමසූ විට ඔහුට ලැබුණු ප්‍රතිචාරය එයයි.... කෙසේ නමුත් අවසන් වසර පමණ වන විට යීබෝ ශිචෙන්ගේත් හොඳම මිතුරෙක් බවට පත්වී තිබුණි...මුලින්ම පාසලෙන් ඉවත් වූ ශිචෙන් ඊට පසු වසර කිහිපයක්ම යීබෝව වත් ශින්ව වත් නොදුටුවේ වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශගත වූ නිසාවෙනි... මීට වසර හයකට පමණ ඉහතදී අහම්බෙන් ජින්ව මුණගැසී තොරතුරු කතාබහ කරද්දි යීබෝ පිළිබඳවත් කතාව ඇදී ආවේය....
YOU ARE READING
💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT 💞💞 yizhan fan fiction Complete ✔
Fanfic💚💚 මේ ඔයාමද..................... ඔව් මේ ඔයාමයි......... ඉතින් ඔයා මගේමයි.........මගේ විතරමයි........... එච්චරයි ......... ❤❤ ......................................................................... 𝕎𝕙𝕠𝕝𝕖 𝕄𝕪 𝕃𝕚𝕗𝕖 💚❤