💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT 💞💞...
.
.
.
.ගං ඉවුර දිගේ සෑහෙන දුරක් ඇවිදගෙන ගිය ඔවුන් දෙදෙනා වටපිටාව හරි අපූරුවට පෙනෙන තැනක ගල්තලාවක් මතින් වාඩිවුණේය.... සොහොන් කොත අසලදී එකට පැටලුණු දෑත් තවමත් ඒ ලෙසින්ම ඇත.... ශාන් යීබෝගේ සිරුරට හේත්තුවුනේය...... යීබෝ ශාන්ගේ අයිස් කැප් එක ගලවා හිස් මුදුනට හාදුවක් තැබුවේය....
" මෙහෙම ඉන්නකොට හිතට හරි අමුත්තක් දැනෙනවා බෝබෝ....."
කෙටි නිහැඩියාවකට පසුව මෙනිත් කියද්දී යීබෝ හිස පහත්කර ශාන්ගේ මුහුණ දෙස හොදින් බැලුවේය .. හිතට හරි අමුත්තක් දැනෙනවා යයි කීවාට ඒ මුහුණෙහි වේදනාවක් පෙනෙන්නට නැත.....
",අමුත්තක් කිව්වේ....."
" මට කවදාවත් මෙහෙම හිතිලා නෑ.... දැන් මට හිතෙනවා මම නිකං පියාඹනවා වගේ කියලා.... "
ඉතින් හිතට දැනෙන අමුත්ත පිළිබඳව ශාන්ගේ නිර්වචනයත් සමඟම යීබෝගේ මුහුණට හරි අපූරු සිනහවක් මතු වුණේය...
" ඒකට කියන්නේ අමුත්තක් දැනෙනවා කියලා නෙවෙයි නෙමු..... ඒකට කියන්නේ හිතට සැහැල්ලුවක් දැනෙනවා කියලා......"
යීබෝගේ බාහුවකට හේත්තු කරගෙන සිටින මුහුණ උඩට හරවා ඔහු ඇස් ඔසවා යීබෝ දෙස බැලුවේය .... ගංගාව සිප ගැන හමා එන සීතල සුළඟ නිසා මුහුණට වැටී තිබෙන හිසකේ වලින් ශාන්ගේ හුරතල් බව තවත් වැඩිකර තිබුණි.... යීබෝ එහෙන්මම පාත්වී ඒ නළල මතින් සීතල හාදුවක් තැබුවේය....
",ඉතින් බෝබෝ කවදාවත් හිතට දැනිලා නැති හැඟීම් වලට කියන්නේ අමුත්තක් කියලා තමා....."
යීබෝ හා යැයි හිස සැලුවේය ... ඔහුගේ හදවතටත් ඉතින් මේ මොහොතේ දැනෙන හැඟීම් වචනයෙන් විස්තර කරන්නට නොහැකි වී ඇත.... තමන් පණ මෙන් ආදරය කරන ආදරවන්තයා සමග මේ ලෙසින් ගං ඉවුරක තනිවී සිටීම වෙනම හැඟීමකි.... ජීවිතේ කිසිම දිනයක විඳින්නට සිදු වේවි යැයි නොසිතූ සිදුවීම් සමුදායකට ඔහු එකින් එක මුහුණ දෙමින් සිටින්නේය... ඉතින් ඒ සියලුම වාසනාවන් ඔහු වෙතට ගෙන ආ වාසනාවන්තයා දැන් ඔහුගේම බාහුවකට හේතුවී ගංගාවට ඈතින් පෙනෙන සුන්දර පරිසරය දෙස ආශාවෙන් බලාගෙන සිටින්නේය....
YOU ARE READING
💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT 💞💞 yizhan fan fiction Complete ✔
Fanfic💚💚 මේ ඔයාමද..................... ඔව් මේ ඔයාමයි......... ඉතින් ඔයා මගේමයි.........මගේ විතරමයි........... එච්චරයි ......... ❤❤ ......................................................................... 𝕎𝕙𝕠𝕝𝕖 𝕄𝕪 𝕃𝕚𝕗𝕖 💚❤