💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT 💞💞....
.
.
.
" දැන් ඔහොම බුම්මගෙන බිම බලාගන්නද මම කිව්වෙ චූටිපුතා ........ "ශාන් සිටින්නේ ඔහුගේ පියා සමඟ වාහනයේ පිටුපස අසුනේ වාඩිවී මුහුණත් අමුතුකරගෙන බිම බලාගෙනයි ... ඉතින් මිස්ටර් ෂියාඕ සොන්ගේ කෝපය තවත් වැඩිවුනේය ...
" මගෙ යකා අවුස්සගන්නෙ නැතුව මගේ දිහා බලනවා ශාන් ...."
දැන්නම් පියාගේ කෝපය එකසීය ගණන ඉක්මවා ගොස් ඇතිබව ශාන් නොහොත් ෂියාඕ සොන්ගේ චූටිපුතා තේරුම් ගත්තේය ....
ඉතින් ශාන් අමනාපයෙන් ඔහු දෙස බලද්දී ඒ බැල්මට බනින්නට හිතාගෙන සිටින දේවල් පවා අමතක වන්නේය... රියදුරු අසුනේ සිටින ලෙලේ පවා මේවා දරාගෙන සිනාව කාගෙන ඉන්නේ ආයාසයෙනි ...
" මුලින්ම ශීට් එකේ හරියට වාඩිවෙනවා චූටිපුතා....."
ඉතින් එවර ශීට් එකේ පහලට පහලට රූටා ගිහින් සිටි ශාන් යලිත් නිවැරදිව වාඩිවුනේය...
" දැන් ඉස්කෝලෙදි ෆේන්ට් උනා කිව්වා.... ඩොක්ටර් අංකල් කියපුවත් අහගෙන නේද හිටියේ ...."
ශාන් ඔව් යැයි හිස සැලුවේය ..
" හිතේ තියෙන විකාර අමතකකරලා අනිත් ළමයි වගේ දුවලා පැනලා ඉන්න බැරිද....... "
YOU ARE READING
💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT 💞💞 yizhan fan fiction Complete ✔
Fanfiction💚💚 මේ ඔයාමද..................... ඔව් මේ ඔයාමයි......... ඉතින් ඔයා මගේමයි.........මගේ විතරමයි........... එච්චරයි ......... ❤❤ ......................................................................... 𝕎𝕙𝕠𝕝𝕖 𝕄𝕪 𝕃𝕚𝕗𝕖 💚❤