💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT 💞💞........
ඒක ලස්සනයි නේද..........
.
.
.
.සෙමෙන් සෙමෙන් ඉදිරියට ඇවිත් ගංගාව අසල තිබෙන අවසන් නිවස ළඟ වාහනය නතර කරද්දී ෂාන් ඇස් දෙකත් ලොකු කරගෙන යීබෝ දෙස බැලුවේය ....
" ඇයි නෙමූබබා ......"
යීබෝ ඒ අතකින් අල්ලාගෙන අසද්දී ශාන් බර හුස්මක් පිටකලේය .
" මං මේ පැත්තට කවදාවත් ඇවිල්ල නැති උනාට..මට මේ පැත්ත පුරුදුයි වගේ බෝබෝ......"
ශාන් එලෙසින් කියද්දී යීබෝ ශාන්ගේ අත මතින් හාදුවක් තැබුවේය ...
**
" අපි යමුකො ඇතුලට හ්ම්ම්ම්....."
යීබෝ එතැනින් එහාට කිසිවක් කියන්නේ නැතිව වාහනය ඒ ලෑලි නිවසේ මිදුලට දැම්මේය....දැන් ඉතින් ශාන් තවත් පුදුමයෙන් බලාගෙන සිටින අතර හරි ලස්සනට මල් වවා තිබෙන තරමක් විශාල මිදුලේ කෙලවරක වාහනය නතරකල යීබෝ ආසන පටිය මුදාහැරියේය .... ඉතින් ඒ දෙස බලාගෙන සිටි ශානුත් එලෙසින්ම සිදුකලේ .....
" එන්නකො....."
යීබෝ ඔහුගේ පැත්තෙන් දොර විවෘත කරගෙන ගොස් ශාන්ගේ පැත්තෙන් දොර විවරකලේය ..... මහා ලොකු අමුත්තක් හිතට දැනෙද්දී කුතුහලය පිරුණු දෙනෙතින් වටපිට බලමින් ශාන් වාහනයෙන් බැසගත්තේය .....
" මේ කොහෙද බෝබෝ....."
ශාන් යීබෝගේ අතකින් තදින් අල්ලාගත්තේය ....
" ගේ ඇතුලට ගියාට පස්සෙත් ඔයාට මතක් උනේ නැත්නම් මම කියලා දෙන්නම්....හ්ම්ම්ම්......ඔයාට ඔයාගේ බෝබෝව විශ්වාස නැද්ද...."
ශාන්ගේ කුතුහලය පිරුණු මුහුණ දකිද්දී හිතට වෙනසක් ඇතිවුණු නිසා යීබෝ ඒ මුහුණට නැඹුරුවෙමින් ඇසුවේය ..... ඔවුන් දෙදෙනා සිටින්නේ තවමත් නිවස ඉදිරියේ තිබෙන මිදුල මැදයි.... වෙනදාට වාහනය නතර කරද්දීම මාරි නැන්දා ඉදිරියට දුවගෙන ආවත් ඇය පෙනෙන්නට නැත...සමහර විට නිවසට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ඇය නගරයට ගියා වන්නටත් ඇත.
YOU ARE READING
💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT 💞💞 yizhan fan fiction Complete ✔
Fanfiction💚💚 මේ ඔයාමද..................... ඔව් මේ ඔයාමයි......... ඉතින් ඔයා මගේමයි.........මගේ විතරමයි........... එච්චරයි ......... ❤❤ ......................................................................... 𝕎𝕙𝕠𝕝𝕖 𝕄𝕪 𝕃𝕚𝕗𝕖 💚❤