💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT 💞💞........
.
.
.
.පාන්දරත් නොවන දහවලත් නොවන මොහොතක යීබෝ දෙනෙත් විවර කලේය ....... ඉතින් පෙරදින රාත්‍රියේ සිදුවූ සිදුවීම් සිහිනයක් නොවන බව අඟවන්නට මෙන් ඔහුගෙ ආත්මයේ හිමිකරු පපුව මත සැනසීමෙන් දෙනෙත් පියාගෙන සිටින්නේය..
යීබෝ ඉක්මනින් ශාන්ගේ නලලට සහ පිටට අත තබා බැලුවේ ඇඟ රත්වී තිබෙනවාදැයි සැකහැර දැනගන්නටයි ... නමුත් ඔහුගේ හිතට සැනසීමක් ඇති කරමින් එහි ඇත්තේ සාමාන්‍ය උණුසුමක් බව අතට දැනුනි ....
දැන් අවදි වුවහොත් එසැනින් ශානුත් නැගිටින බව දන්නා යීබෝ තවත් හෝරාවක් පමණ එලෙසින් සිටින්නට තීරණය කළේය... දැන් ඉතින් හදවතට දැනෙන්නේ පුදුමාකාර සැනසීමකි...... වසර දහ අටක් පුරාවට මග බලාගෙන සිටි සෙනෙහස දැන් තමන්ගේම වී ඇත.....
මගේ ආදරේ මට මේ තරම් පහසුවෙන් ලැබෙයි කියලා මම නිකමටවත් හිතුවේ නෑ.....සමහර විට අවුරුදු 18 ක් මම විඳපු දුක් වලට සාධාරණයක් ඉෂ්ට කරන්න හිතාගෙන සොබාදහම මෙහෙම තීරණයක් අරගන්නත් ඇති..... නැත්නම් නෙමූගෙ පපා මේ තරම් ලේසියෙන් මට කැමති වෙයි කියලා මම නිකමටවත් හිතුවේ නෑ...... කැමැත්ත දුන්නත් මුල් කාලේ මගේ හිතේ තිබුණේ දෙගිඩියාවක්..... මොකද ෂියාඕ සොන් කියන්නේ හීන් නූලෙන් ප්‍රශ්න විසඳන මනුස්සයෙක් කියලා මම අහලා තිබුණා... ඒත් ඒක එහෙම වුණේ නෑ......ටික කාලයක් යනකොට මට තේරුණා දරුවන්ට ආදරය කරන්න ඕනේ හරි විදිහ එයා තේරුම් අරගෙන කියලා.... නෙමූටත් හොරෙන් මේ registration එක ප්ලෑන් කරද්දි පවා එයා මට ගොඩක් උදව් උනා.....
YOU ARE READING
💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT 💞💞 yizhan fan fiction Complete ✔
Fanfic💚💚 මේ ඔයාමද..................... ඔව් මේ ඔයාමයි......... ඉතින් ඔයා මගේමයි.........මගේ විතරමයි........... එච්චරයි ......... ❤❤ ......................................................................... 𝕎𝕙𝕠𝕝𝕖 𝕄𝕪 𝕃𝕚𝕗𝕖 💚❤