💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT 💞💞.........
සුභ උපන්දිනයක් වංජි 💙....... වෙයි වෙනුවෙන් බලාගෙන සිටි සුපිරිසිදු සෙනෙහසෙහි උරුම කරු..... මේ ලොව මා දුටු ආදරණීයම මිනිසා...... ලාන් වංජි........වෙයි ගේ ලාන් චාන්........
ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT තුල ෂින් වෙනුවෙන් බලාගෙන සිටි බෝබෝ වගේම...... 💞💞
.
.
.
.යීබෝ ශාන්ගේ හිස්මුදුනට යලිත් හාදුවක් තැබුවේය ...
" හෙට උදේ අංකල් සොන් ඇවිත් උඹට කිව්වොත් ශාන්ගෙන් ඈත්වෙන්න කියලා .......උඹ මොකද කරන්නෙ....."
ජින් එලෙසින් අසද්දී යීබෝ ඔහු දෙස සෘජුව බැලුවේය ....
**
පසුව යීබෝ මේ වන විටත් සම්පූර්ණයෙන්ම සිරුරට ගොඩ වී ගෙල අස්සේ මුහුණ සඟවාගෙන නිදාගෙන සිටින ශාන්ගේ හිස්මුදුනට තවත් හාදුවක් තැබුවේය ...එය ඉතින් හිතාමතා සිදු කරන්නක්ද නොවේ ....
" උඹ හිතනවද මම මගේ හුස්ම අතාරී කියලා .... මොන ප්‍රශ්න ආවත් මම මේ කොල්ලත් එක්ක ලෝකෙ කොහේ හරි කෙලවරකට යනවා.....අපි දෙන්නට විතරක් සැනසීමේ ජීවත් වෙන්න පුළුවන් තැනකට........... "
යීබෝගේ හඩෙහි දෙපැත්තට වැනීමක් නැත...... එක් අතකින් ශාන්ව වැළදගෙන යීබෝ මේ කතාකරන්නේ අධිෂ්ඨානශීලී හඬකින් ය...
" මටත් දැනගන්න ඕන වුණේ ඔච්චර තමයි....දැන් නම් ඉතින් උඹලා දෙන්න අතර සම්බන්ධයක් තියෙනවා කියලා ඒ මනුස්සයා නොදන්නවා නිවේනේ... අද හෙටම එයාගේ තීරණය දැනුම් දෙයි.....සද්ද නැතුව ඉඳලා උඹේ ජීවිතයට අනතුරක් කරයි කියන බය විතරයි මගේ හිතේ තියෙන්නේ....."
ජින් වේදනාවෙන් කියද්දී යීබෝ සිනාසුනේය ....
" අපි හෙමිහිට බලමුකෝ ජිනා.......දැම්ම මේ ගැන ගෙදරට කියන්න එපා.....මමා ටිකක් හොදවුනා විතරයි ........"
YOU ARE READING
💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT 💞💞 yizhan fan fiction Complete ✔
Fanfic💚💚 මේ ඔයාමද..................... ඔව් මේ ඔයාමයි......... ඉතින් ඔයා මගේමයි.........මගේ විතරමයි........... එච්චරයි ......... ❤❤ ......................................................................... 𝕎𝕙𝕠𝕝𝕖 𝕄𝕪 𝕃𝕚𝕗𝕖 💚❤