17.. දාහතරවෙනි දිගහැරුම ...🍁

1.4K 348 227
                                    

💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT 💞💞

.
.
.
.

තවත් විනාඩි කිහිපයක් කල්පනා කරමින් සිටියදී ශාලාවේ දොරටුව විවර විය.... මුලින්ම ශාන් සමගින් එතැනට පැමිණි සේවකයා පිටතට පැමිණි අතර  ඊට පිටුපසින් පැමිණි පුද්ගලයා දුටු ශාන්ගේ ඇස්දෙකත් විශාල වී මුවත් විවරවී ගියේ......

ඔහු වාඩිවී සිටි අසුනෙන් නැගිට්ටා නොව ඉබේම නැගිටුනා යැයි කීවොත් නිවැරදිය......

**

" ස්.........සර්......ඔයා........"

වෙනදා පාසලට අදින ෆුල් සූට් එක වෙනුවට කළු පැහැති බොටම් එකකට  කළු පැහැති ටී ෂර්ට් එකක් ඇඳටම සිටින යීබෝව දුටු ශාන්ගේ  සතුට ඔහුටවත් දරාගන්නට නොහැකිය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වෙනදා පාසලට අදින ෆුල් සූට් එක වෙනුවට කළු පැහැති බොටම් එකකට  කළු පැහැති ටී ෂර්ට් එකක් ඇඳටම සිටින යීබෝව දුටු ශාන්ගේ  සතුට ඔහුටවත් දරාගන්නට නොහැකිය.... යීබෝ සිටින්නේ ඔහුට සුපුරුදු බැල්මෙන් ශාන් දෙස බලාගෙන වුණත්.. සති අන්තය දිනයක් අත් දිනයක පැය 4ක් ඔහු සමග ගත කරන්නට සිදුවීමෙහි සතුට යීබෝ  හදවත ඇතුලෙන් විඳිමින් සිටින්නේ ය...

මෙතනටත් කලු නේ අප්පා..... ශාන්  තනිව සිතුවේය...නමුත් ශාන්ගේ සතුට නම් ඒ මුහුණ දකින ඕනෑම කෙනෙකුට මේ මොහොතේ හරි අපූරුවට තේරුම් ගන්නට හැකියාව ඇත..

"ඔයා යන්න...."

ඔවුන් දෙදෙනා අසල හිටගෙන සිටින සේවකයාට යන්න යයි පැවසූ යීබෝ  සිනාසෙමින් තමන් අසලට තවත් අඩි දෙකක් පමණ පැමිණි ශාන් දෙස යලිත් බැලුවේය ....

" එන්න ඇතුලට......."

ඒ මුහුණ දෙස බලාගෙන වරුවක් වුණත් ඉන්නට හැකියාව තිබුණත් එලෙසින් කරන්නට නොහැකි නිසාම යීබෝ  යන්නට හැරුනත්......

" මේ ........සර්......"

ශාන්ගේ  හඩින් ඔහු යලිත් ආපසු හැරුනේ සුපුරුදු පරිද්දෙන් ඇහිබැමක් ඉහලට ඔසවන අතරයි.....

💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT  💞💞   yizhan fan fiction Complete  ✔ Where stories live. Discover now