💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT 💞💞.........
.
.
.
.විනෝදකාමී වූත් වෙහෙසකාරී වූත් දවසක් අවසන් කරමින් ..... චීන මහා ප්‍රාකාරයට, තවත් ඓතිහාසික පන්සලකට ගිය පිරිස අන්ධකාර වැටෙද්දි යළිත් සින්චාන් බලා එන්නට බස් රථයට ගොඩවුනේය ....
",මේක ඔයාගේ බෑග් එකට දාගන්න...."
යීබෝ කාටත් නොපෙනෙන්නට කුඩා බෑගයක් ශාන් අතට දුන්නේ ළමුන් එකිනෙකා පොරකමින් බස් රථයට ගොඩවන අතරේදීය...
" තෑග්ගද......"
ශාන් හොරෙන් අසද්දී යීබෝ ඇස්වලින් ඔව් යැයි කීවේය ...ඉතින් ඒ මුහුණට නැගුණු සිනහව වචනයෙන් විස්තර කරන්නට නොහැකිය.... අද ගමන අතරතුර ඉතින් යීබෝ ශාන් අසලට වත් ගියේ නැත.. මිතුරන් සමඟින් ඇති තරම් සතුටු වෙන්නට හැර යීබෝ ඔහු දෙස දුර ඉඳන් බලාගෙන සිටියේය...
කෙනෙකුට හදවතින් පෙම් කරන්නේ නම් ඔහුව තදින් ඇද බැඳ පපුව අස්සේ තබාගෙනම සිටීම යුක්ති සහගත වන්නේ නැත... ඔහුට නිදහසේ ජීවිතය විඳින්නට ඉඩ දී ඔහුව ප්‍රවේශම් කිරීම වඩා වැදගත් වන්නේය...දෙදෙනාම තමන්ගේ සීමාවන් හඳුනන්නේ නම් හැමදාමත් සතුටින් හිඳින්නට හැකිවන්නේය...
කලින් දින උදෑසන එන විට බස් රථයේ තිබුණු කාලගෝට්ටිය දැන් නැත...චීන මහා ප්‍රාකාරයට මෙන්ම පන්සලටත් විශාල කඳු තරණය කරන්නට සිදුවූ නිසා සියලු දෙනාම වැටුණු වැටුණු තැන්වල නිදා වැටෙන්නට පටන් ගත්තේය.... ශාන් අසල සිටි බින් නෙක් පිලෝ එකත් දමාගෙන නිදාගනිද්දී ශාන් නම් හෝරාවක් දෙකක් පමණ අවදියෙන් සිටියේය...
දැන් බස් රථය තුළ ඇත්තේ මද අන්ධකාරයකි... යීබෝ සිටින්නේත් නින්දේ නොවේ... ඔහුට අනෙක් පස සිටි ගුරුවරයා මීට ටික වේලාවකට පෙර බස් රථයෙන් බැස ගත්තේ ඒ වන විට පසු කරමින් සිටියේ ඔහුගේ ගම් ප්‍රදේශය නිසාවෙනි...
" මං ඔයාලඟ එන්නම්..."
යීබෝට පිටුපස අසුනේ සිටි ශාන් ඔහුගේ සවන් අසලටම විත් අසද්දී යිබෝ හිස හරවා ඇයිදැයි ඇසුවේය ....ශාන් ඇස්වලින් ආසනයෙන් හතරෙන් තුනක්ම අයිතිකරගෙන නිදාගෙන සිටින බින්ව පෙන්වූයේය.... ශාන් සිටින්නේ නිදාගන්නට තියා ඉඳගෙන යන්නටත් අපහසුවෙනි...ශාන්ගේ වෙහෙසකාරී බව ඔහුගේ මුහුණෙන් පිළිඹිබු වන්නේය...
YOU ARE READING
💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT 💞💞 yizhan fan fiction Complete ✔
Fanfic💚💚 මේ ඔයාමද..................... ඔව් මේ ඔයාමයි......... ඉතින් ඔයා මගේමයි.........මගේ විතරමයි........... එච්චරයි ......... ❤❤ ......................................................................... 𝕎𝕙𝕠𝕝𝕖 𝕄𝕪 𝕃𝕚𝕗𝕖 💚❤