💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT 💞💞
.
.
.වාහනයෙන් බැසගත් ඔවුන් දෙදෙනා ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වෙන්නෙ නැතිව එක්සිට් ඩ්‍රෝ එකෙන් එපාට්මන්ට් එකට ඇතුල්වුනේය...... පඩිපෙලෙන්ම දෙවැනි මහලට පැමිණි පසුව යීබෝ නිවසෙහි දොර විවෘත කලේය..... පසුව ශාන්ට මුලින්ම ඇතුලට යන්න යැයි කියා යීබෝ පසෙකට උනේය ..... ඉතින් යීබෝ වෙත ප්‍රශ්නාර්ථය පිරුණු බැල්මක් හෙලමින් ශාන් නිවසට ඇතුලු වුනේය....
" බෝබෝ............"
නිවසට ඇතුලුවූ ශාන්ගේ කැගැසීමට සිනාසෙමින් ම යීබෝ නිවසතුලට ඇවිත් දොර වසා දැමුවේය ......
**
" අනේ......... අපි දෙන්නගෙ පොටෝ එකක් ඔයා ලොකු කලාද.......අනේ....... ඒක ගොඩාක් ලොකු කරලා....... "
ආලින්දයේ සෝපාවක් උඩ තිබූ විශාල රාමුකරන ලද පින්තූරය දුටු ශාන්ට ඔහුගේ දෙනෙත් වලින් වැටෙන කදුලු නවතාගන්නටම නොහැකි විය.... ඒ එදා මුණගැසුනු මොහොතේ අරගත් පින්තූරයකි...
" බෝබෝ............."
ඒ දෙස ටිකවේලාවක් බලාගෙන සිටි ශාන් යීබෝව වැළදගත්තේය ...
",ම්......මට සමාවෙන්න බෝබෝ....."
යීබෝගේ පපුව මතින් හාදුවක් තබමින් ශාන් එලෙසින් කියද්දී ඔහුට පපුවට සීතලක් දැනුනේය ....
" ඇයි ඉතින් මේ.......අඩන්නෙ ඇයි නෙමූ......ඔලුව උස්සන්නකො......"
යීබෝ ඇවිටිලි කලත් ශාන් බෑ යනුවෙන් හිස සැලුවේය...
" එහෙනම් අඬන්න හේතුව කියන්න බබා......"
ශාන්ව තවත් තදින් වැළදගෙන යීබෝ ඒ හිස්මුදුනට හාදුවක් තබමින් ඇසුවේය ........ විනාඩි කිහිපයක් යීබෝගේ පපුව අස්සේ කදුලු සලමින් සිටි ශාන් මුහුණ ඔසවා ඔහුදෙස බැලුවේය ...... ඉතින් රත්පැහැ වී ඇති මුහුණ දකින යීබෝගේ හිතට දරාගන්නට බැරි බරක් දැනෙන්නට පටන්ගත්තේය ....
YOU ARE READING
💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT 💞💞 yizhan fan fiction Complete ✔
Fanfic💚💚 මේ ඔයාමද..................... ඔව් මේ ඔයාමයි......... ඉතින් ඔයා මගේමයි.........මගේ විතරමයි........... එච්චරයි ......... ❤❤ ......................................................................... 𝕎𝕙𝕠𝕝𝕖 𝕄𝕪 𝕃𝕚𝕗𝕖 💚❤