💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT 💞💞.......
.
.
.
." පුතේ මමා අසනිපවෙලා හොස්පිට්ට්ල් ඇඩ්මිට් කරලා....."
යීබෝ පාසල අවසන්වී නිවසට ඇතුල්වෙද්දීම ඇනා කලබලයෙන් මෙන් කීවේය ...... කොයිතරම් හිත ගල්කරගෙන හිටියත් අම්මා කෙනෙකුගේ අසනීපයක් දරුවෙකුට දරාගන්නට නොහැකිය..... දේවල් සිදුවී දැන් සෑහෙන කාලයක් ගතවී ඇත....
" ඇ......ඇයි හදිසියේම ......පෙරේදත් මම කතාකලා......"
යිබෝ ඇනා අසලින් වාඩිවී දුරකථනය අතට ගනිමින් ඇසුවේය ...
" කලන්තයක් කැරකිල්ලක් දවස් ගානක් තිබිලා.....මෙයා කාටවත් කියලා නෑනේ..........අද දවල් ෆේන්ට් වෙලා....."
ඇනා වේදනාවෙන් කියද්දී යීබෝ ඔහුගේ සොයුරාට ඇමතුමක් අරගත්තේය .... බෙයිජින් නොගියාට , පියාට කතා නොකලාට යීබෝ යුආන් හට සෙලීනාට නිතරම දුරකතනයෙන් අමතන්නේය....
" යුවාන් ............"
" ගගා..........ලොකුවට බයවෙන්න දෙයක් නෑ....එයාට ලෝ බ්ලඩ් ප්‍රෙෂර් ඇවිත් ලු.......hospital එකේ ඉන්නේ.....හවස් වෙනකොට ඩිස්චාර්ජ් කරයි....."
යුවාන් ගේ වචන කිහිපයෙන් ඇත්තෙන්ම ඔහුගේ හදවතට සැනසීමක් ඇතිවුණේය.....
" මම තව ටික වෙලාවකින් එයාව බලන්න යනවා....එතකොට කෝල් එකක් අරගන්නම්......"
යුවාන් ලෙංගතුව කියද්දී යීබෝ සැනසුම් සුසුමක් හෙලුවේය ... මවගේ අසනීපයක් පිළිබඳව දැනගත් සැනින් හදවත කලබල වූ ආකාරයට තමන් කොයිතරම් ඇයට සෙනෙහසක් දක්වන්නේ දැයි යීබෝට සිතුනේය ....
" ප්‍රෙෂර් ඇවිත්ලු........බයවෙන්න දෙයක් නෑ කිව්වා....."
යිබෝ ඇනාගේ අතකින් අල්ලාගෙන කියද්දී ඇය ඔහුගේ හිස අතගෑවේය ...
" ඔයාගෙ ෂින් ආපහු ඔයාව හොයාගෙන ඇවිත් තියෙනවා පුතේ...... දැන්වත් හිත හදාගෙන බෙයිජින් ගිහින් ඒ මිනිස්සුන්ව බලලා එන්න හිතෙන්නේ නැද්ද..... අපිට ජීවත් වෙන්න තියෙන්නේ බොහොම ටික කාලයයි පුතේ.....තරහා මරහා හිතේ තියාගෙන මැරෙන්න හොදනෑ...... "
යීබෝ ඇනාගේ කතාව අනුමත කරන්නට හිස සැලුවේය ...
" මමාට අසනීපයි කියලා ඔයා කියපු වෙලේම මම ඒක තීරණය කරා නැන්දි...... අනිද්දා සිකුරාදනේ....මම යන්නම්......"
YOU ARE READING
💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT 💞💞 yizhan fan fiction Complete ✔
Fanfic💚💚 මේ ඔයාමද..................... ඔව් මේ ඔයාමයි......... ඉතින් ඔයා මගේමයි.........මගේ විතරමයි........... එච්චරයි ......... ❤❤ ......................................................................... 𝕎𝕙𝕠𝕝𝕖 𝕄𝕪 𝕃𝕚𝕗𝕖 💚❤