💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT 💞💞........
.
.
.
.
.දින කිහිපයක් සෙමෙන් ගත වී ගියේ ක්‍රීඩා උත්සවය සඳහා ළමුන් සහ ගුරුවරුන් කාර්යබහුල කරන අතරයි.... සාමාන්‍යයෙන් මෙය ජාත්‍යන්තර පාසලක් නිසා ක්‍රීඩා උත්සවය සදහා මහලොකු දින ගණනාවක් වැය කරන්නේ නැත... සති දෙකක් ඇතුළත සියල්ල අවසන් කළ යුතුය.... ඉන්පසුව අතපසු වුණු සති දෙක පාසල අවසන්වී පැය දෙකක් ප්‍රමාද කරමින් ආවරණය කරන්නේ ය....
සතියක් එළෙසින් ගත වී ගියේ ක්‍රීඩා කටයුතු සදහාම ළමයින් මෙන්ම ගුරුවරුන්ද කාර්ය බහුල වන අතරයි....
මිස්ටර් යීබෝටත් ගෙවී ගිය සතිය තරමක් කාර්යබහුල වී තිබුණු අතර ක්‍රීඩා බාර ගුරුවරයා යීබෝ සමඟ එකම ස්පෝට්ස් ක්ලබ් එකේ සිටින නිසා ඉතින් ඔහුට ගැලවීමක්ද නැත.... මිස්ටර් ඩැරන් එසේත් නැතිනම් ක්‍රීඩා භාර ගුරුවරයා ක්‍රීඩා කටයුතු පැත්ත බලා ගනිද්දී කළමනාකරණ කටයුතු සියල්ල යීබෝගේ පිට පැවරී තිබුනි.....
ඉතින් ගෙවී ගිය සතිය පුරාවටම පන්තියේ ළමුන් ක්‍රීඩා පිටියට බහින සෑම අවස්ථාවකම පැවිලියන් එක අසල කෙටි බැම්ම මත වාඩි වී සිටින ශාන්ව ඈත තියාම දැකබලා ගැනීමට මිස්ටර් යීබෝ පුරුදුවී සිටියේය ... මුල් දින දෙකේ ඔහු තනිවම එතැන වාඩි වී සිටි අතර දැන් මේ ගෙවී ගිය අනෙක් දින කිහිපයේ පහල පන්ති වල ළමුන් කිහිප දෙනෙක් ද ඔහු සමග එකතු වී සිටින්නේ ය.....
" සරීර හොරෙක්......"
ඔහු දෙස බලාගෙන සිටින සෑම මොහොතකම යීබෝ එලෙසින් තනිවම මුමුණන අතර ඔහුගේ මුහුණේ හරි අපූරු කෙටි සිනහවක් ද ඇති වී නැති වී යන්නේ ය.... ඇත්තෙන්ම කියනවා නම් ශාන් ගේ පැමිණීමත් සමඟ යීබෝ තරමක් සතුටින් සහ සැහැල්ලුවෙන් ජීවත්වෙන්නට පටන් ගෙන තිබුණත් එය ඔහුට නම් අවබෝධයක් නැත....නමුත් ඇනාට එසේත් නැතිනම් ඔහුගේ නැන්දනියට එය හරි අපූරුවට ඉව වැටී තිබුනි.... නමුත් ඇය ඒ පිළිබඳව කිසිවක් ඔහු සමගින් කතා කරන්නට ආවේ නැත.....
YOU ARE READING
💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT 💞💞 yizhan fan fiction Complete ✔
Fanfic💚💚 මේ ඔයාමද..................... ඔව් මේ ඔයාමයි......... ඉතින් ඔයා මගේමයි.........මගේ විතරමයි........... එච්චරයි ......... ❤❤ ......................................................................... 𝕎𝕙𝕠𝕝𝕖 𝕄𝕪 𝕃𝕚𝕗𝕖 💚❤