💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT 💞💞......
මාස්ටර් බ්ලැක් 🖤
.
.
.
.ගෝල්ඩන් ෆ්ලවර් කැෆේ එකෙන් පිටතට පැමිණි යීබෝට ක්ලබ් එකට යන්නට තරම් මානසිකත්වයක් තිබුනේ නැත... ඉතින් ඔහු එහි කෝච් කෙනෙකුට ඇමතුමක් ලබාදී කෙලින්ම ජින්ගේ එපාට්මන්ට් එකට යන්නට පිටත්වුනේය ....
ජින්......... බෙයිජින් වලදීත් යීබෝගේ සහ ෂින්ගේ පන්තියේ සිටි අවසානයේ ෂින්ගේ අන්තුර පිළිබදව යීබෝට සින්චාන්වලට පැමිනි පසුව පැවසූ මිතුරාය.... ඉතින් එදා ඒ සිදුවීමෙන් පසුව ජින් යීබෝගේ හොදම මිතුරා බවට පත්විය.... ගෙවා දැමූ පාසල් කාලයේ යම්කිසි සහනයක් හදවතට දැනුණේ නම් ඒ ජින්ගේ මිත්‍රත්වය නිසා බව රිය පදවන අතරතුර යීබෝ සිහිකලේය .... ෂින් පිළිබදව යීබෝගේ හිතේ තිබෙන්නේ මිතුරුකමක් පමණක් නොව සෙනෙහසක් බව යීබෝට තේරුම් කර දුන්නේ ජින් යැයි කීවොත් නිවැරදිය ... අදටත් බොහෝ දෙනෙක් යීබෝ තනියම ගෙවන මෙම ජීවිතයට සිනාසුනත් ජින් කිසිම දවසක එලෙසින් ඔහුට සිනාසුනේ නැත....
ජින් play boy කෙනෙකි..... මේ වන විටත් කාන්තාවන් හතර පස් දෙනෙකු සමග සම්බන්ධතාවයන් ආරම්භ කර නතර කර දමා තිබෙන ඔහුට විවාහයක් ස්ථිර බැඳීමක් පිළිබඳව හැඟීමක් නැත... නමුත් කිසිවෙකුගේ හැඟීම් වලට හිනාවෙන්නට තරම් පහත් තත්ත්වයකත් ඔහු නැත....
යීබෝ ඔහුගේ හදවතට දැනෙන සමහර හැඟීම් චකිතයකින් තොරව බෙදාගන්නා එකම තැනැත්තා ජින් වන්නට හේතුවත් ඔහුගේ සිතුවිලි වල ඇති සෘජු බව වන්නට ඇත.... උදාහරණයක් ලෙස ඔවුන් කතාබහ කරමින් සිටින විට කවුරුන් හෝ මිතුරෙක් පිළිබඳව මාතෘකාවක් ඇදී ආවොත්..... ඔහු බිරිඳගෙන් වෙන්වී වෙනත් තරුණියක සමග සම්බන්ධතාවයක් පවතින බව වැනි කරුණක්....
YOU ARE READING
💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT 💞💞 yizhan fan fiction Complete ✔
Fanfiction💚💚 මේ ඔයාමද..................... ඔව් මේ ඔයාමයි......... ඉතින් ඔයා මගේමයි.........මගේ විතරමයි........... එච්චරයි ......... ❤❤ ......................................................................... 𝕎𝕙𝕠𝕝𝕖 𝕄𝕪 𝕃𝕚𝕗𝕖 💚❤