සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උප සම්පදා
සචිත්ත පරියෝ දපනං
ඒතං බුද්ධානු සාසනං.........................
-
-
-
-
-අදත් ඔය කන් බීරි වෙන්න ගාථා කියන්නෙ අපෙ අම්ම..
රෑ එකට දෙකට කීයට අපි නිදාගත්තත් අපෙ නින්ද ගැන තඹේකට ගනන් නොගන්න අපෙ අම්ම හැමදාම අහල ගම් හතටම ඇහෙන්න කෑ ගගහ තමයි බුදුන් වදින්නෙ.. ඉතින් මම කාමරේ දොරවල් කොච්චර තද කරල වහල තිබ්බත් බෙඩ්ශීට් ඔලුවෙ ඉදල පොරවගෙන කොට්ට වලින් කොච්චර කන් වහ ගත්තත් වැඩක් නෑ..හැමදාම වගේ අදත් මගෙ නින්ද කැඩිල ගියා..
ඒත් නැගිටින්න තිබ්බ කම්මැලි කමට පස්ස උඩ දාගෙන මුනින් අතට එක කොට්ටයක් කකුල් දෙක මැද්දෙත් අනිත් කොට්ටෙ කිහිල්ල අස්සෙත් තව කොට්ට දෙකකට ඔලුවත් තියාගෙන අඩ නින්දෙ මම හිටියෙ අම්ම කාමරේට ආවොත් නිදි කියල පෙන්නන්න ඕනවට..
ඒත් ඔයාල හිතනවද මගෙ රංගනයට අම්ම අහු වෙයි කියල......
" නැගිටපන් බොරුව නොදා..."
" ම්හ්ම්...නිදාගන්න දෙන්නකො අප්ප...
මම කිව්වෙ මෙච්චර වෙලා බුදුන් වැඳ වැඳ හිටපු මනුස්සය මගෙ කාමරේට ඇවිත් මට පුක රත් වෙන්න පාරවල් දෙකක් දුන්න..එයා ගහල ගහලම දැන් පුක ලෑල්ල වගේ අප්ප.. හැබැයි එයා කොච්චර ගැහුවත් ගනන් නොගෙන මම තව හරි බරි ගැහිල ඇස් තද කරන් හිටියෙ ඊයෙ රෑ දොළහ පහු උන නිසා නිදාගන්න..
එච්චර වෙලා ඇහැරන් හිටියෙ පාඩම් කරන්න කියල හිතුවද.....පිස්සුද අනේ කවුද රෑ නිදි මරාගෙන පාඩම් කරන්නෙ.. මමත් හැම ළමයෙක්ම රෑට කරන දේ තමයි ඉතින් කර කර හිටියෙ.. ඔව් ඔව් ෆෝන් එක කොට කොට ෆේස්බුක් වල උඩට පල්ලෙහාට ගිහින් ඕප දූප හොයද්දි කාටද අනේ වෙලාව යනව දැනෙන්නෙ.. ඉතින් මම අම්ම කියන විදිහට මහ කාලකන්නියෙක්ලු.. හ්ම් මේ මගෙ අම්ම තමයි කියන්නෙ මේ අහින්සක මූණ දිහා බලාගෙන..ඒත් මේ මම ඕව ගනන් ගන්නවද.. හපෝ නෑ එයා මට කොච්චර බැන්නත් ඒ බැනුම් මේ කනෙන් අහල අනිත් කනින් පිට කරන්න පුලුවන් විදිහෙ කෲර හැකියාවක් මට තියෙන්නෙ..
" තෝ නිදාගත්තහම මමද අද අලුත් ඉස්කෝලෙට යන්න ඕන...ආහ්..."
" හත්වලාමෙ අම්මා...."
YOU ARE READING
නේත්රා 👁️ ( Slow Update )
Fanfictionජීවිතේ ප්රේමනීය පරිච්ඡේද ලියවුනේම ආදරනීය හමුවීම් එක්ක.... ......❤️