" ඔය ටික කුස්සියෙන් ගිහිල්ල තියන්න ළමයිනේ..."
අපි දෙන්නට දෙන්න මූණට මූණ බලන් ඉද්දි අපේ මැද්දට පැන්න චූටි අත්තම්මා අර ඩබලගෙ අත් දෙකේ තිබ්බ කිරි පැණි ටික කුස්සියෙන් ගිහිල්ල තියන්න කියද්දි මගෙන් ඇස් අහකට ගත්ත කොස්ත අපෙ ලගින්ම කුස්සියට යන්න ගිය හැටිය එයා පිටි පස්සෙන්ම හශේන් අයියත් ගල් ඉබ්බෙක් වගේ බිම බලාගෙන ඇතුලට යන්න ගියෙ මාව දන්නෙත් නෑ දැක්කෙත් නැති ගානට...
" ඒ අපේ ගෙදර අප්පච්චිව බලන්න ආපු දරුවො දෙන්න නේද සුදූ.."
ඔලුව ගිනි අරන් වගේ හිටපු මගෙ කනට කරල අම්මා අහපු දේට මම ඇස් දෙකත් ලොකු කරගෙන අම්ම දිහා බලද්දි දැක්කෙ අප්පච්චිත් මගෙ දිහා අමුතු විදිහකට බලන් ඉන්න හැටි...
" ඔ...ඔව්නේ..."
මම බිම බලාගෙන එහෙම කිව්වෙ එයාල දෙන්නගෙ මූණ දිහා බලන්න බැරි කමට.. අහිංසක මන් මෙතනදි කිසිම වරදක් කරල නැති උනාට මොකද එයාල දෙන්න මගෙ දිහා බලන්නෙ මම වැරදි කාරයෙක් ගානටනෙ..
දැන් කොස්තයි හශේන් අයියයි මෙහෙ ඉන්න එකටත් අම්මයි අප්පච්චි සැක කරන්නෙ මාවනෙ අප්පා.. එක්කො කොස්තට තිබ්බ මට කියන්නවත්..ආශ් තොට මොංගල්ද අනුශ.. උබ ඒකගෙ මැසේජ් නොබල කෝල් ආන්සර් නොකර බ්ලොක් කරල දාල තියෙද්දි ඒක කොහොම කියන්නද මේ ගැන.. එහෙම බලද්දි මොලේ ඉදන් ගූ මගෙ.. ඒකනෙ හැමදාම ගොං වැඩ කරගෙන නාහෙන් අඬන්නෙ මෙහෙම..
" අපේ සිහින පුතාගෙ යාලුවො දෙන්නෙක්...ඔයාල ඉන්න දිහා ඉදලම තමා ඊයෙ මෙහෙ ආවෙ..."
හරිනෙ ඒ පාර චූටි අත්තම්ම ඇඬිල්ල නවත්තල කොස්ත ගැනයි හශේන් අයිය ගැනයි කියවනවා..
එයා කියන හැටියට සිහින කියන්නෙ චූටි අත්තම්මගෙ දුවගෙ පුතා වෙන්න ඕන.. ඌටත් කොස්තවයි හශේන් අයියවමයි යාලුවො කරගන්න හිතුනෙ ඇයිද මන්ද.. කැරකිලා කැරකිලා අපේ පවුලට කොස්ත සම්බන්ධ වෙච්ච එකනෙ හප්පා පුදුම.. රණ්ඩු කරල මරාගෙන ගහගන්න උන් දෙන්නවම දෙයියො මෙහෙම මුණ ගස්සන්නෙ මොකක් හරි හේතුවක් නිසා වෙන්නත් ඇති.. නැත්නම් පන්සලකට ගියත් , ටියුශන් ක්ලාස් එහෙකට ගියත් , පොළට ගියත් , ලැට් එකට ගියත් කොටින්ම කිව්වොත් මම කොහෙ ගියත් මට කොස්තවම මෙහෙම හම්බ වෙන්නෙ නෑනෙ අප්පා..
YOU ARE READING
නේත්‍රා 👁️ ( Slow Update )
Fanfictionජීවිතේ ප්රේමනීය පරිච්ඡේද ලියවුනේම ආදරනීය හමුවීම් එක්ක.... ......❤️