05 🌺

695 142 30
                                    

නිවාඩු ඉවරයි..
මේ ආයෙමත් පාසල් පටන් ගන්න දවස..

ගිශාන් පහුගිය දවස්දෙකම ගෙවලා දැම්මේ පැතුම් එක්ක එකතුවෙලා ගම වටේ රවුන් ගහන ගමන් වුනත් ගිශාන්ට තවමත් ගමෙන් බාගයක්වත් හරි හැටි බලාගන්න බැරි වුනා..

උදෙන්ම නැගිටපු ගිශාන් පැතුම්වත් නැගිට්ටවගෙනම ලේස්ති වෙන්න ගියේ පලවෙනි දවස නිසා ටිකක් කලින් ඉස්කෝලෙට යන්න ඕන නිසා..එතකොට පුලුවන්නේ ගිශාන්ට ඉස්කෝලේ වටෙත් පොඩි රවුමක් ගහන්න..

ගිශාන්නම් ඇද පැලදගෙන ඉවර වෙද්දි පැතුම් තවමත් බාගෙට ඇදගෙන බෑග් එක හදනවා..

"මම උබට කිව්වා ඔය නයිමල්ල ඉයේ හදාගනින් කියලා"

"හරි හරි බන්..මම මේ බැලුවේ පොඩිවුන් ටිකට දෙන්න ගත්තු පේපර් ටික කොහෙද කියලා"

"අලුත් වාරෙට ඉස්කෝලේ පටන්ගන්න දවසෙම උබ පේපර් දීලා දරුවොන්ට මුලු වාරෙම එපා කරවන්නද හදන්නේ?"

ගිශාන් ඇහුවේ පැතුම්ට නොරිස්සුම් සහාගත බැල්මක් දීලා වෙද්දි පැතුම් ගිශාන්ට මෝඩ හිනාවක් තිලිණ කරා..

"නෑ නෑ බන් මේ අලුතෙන් හයට එන සෙට් එකට ගණිතය විෂය එපා නොවෙන්න මම පොඩි සෙල්ලමක් හැදුවා...අන්න ඒකට තමා ඉතින් පුරුද්දට පේපර් කියලා කිව්වේ"

"හා...ඒකමිසක්"

"කොහොමද නේ මගේ ටිකිරි මොලේ"

"ටිකිරි මොලේ පෙගිලා තියෙන්නේ උබගේ"

අන්තිමට ඉතින් පැතුම්වත් ලේස්ති කරවගත්තු ගිශාන් ගෙයින් එළියට බහින්න හදද්දිම දොරකොඩ උන්න ගිශාන්ගේ අම්මව දැකලා නැවතුනා... ගිශාන්ගේ අම්මගේ අතේ තිබ්බ වතුසුදු මල් තුන හතරක් දාපු වතුර වීදුරුව දැකලා ගිශාන්ගේ ඇස්වලට කදුළු ඉණුවා..

ගිශාන් ලගට ආපු පැතුම්ගේ අම්මා අර වතුර වීදුරුව ගිශාන්ගේ මුව ලගට ලන් කරද්දි ගිශාන් වතුර උගුරක් බීලා එහෙම්ම පැතුම්ගේ අම්මට දණගහලා වැන්දා... හැමෝගෙන්ම තමන්ගේ ඇස්වලින් වැටෙන කදුළු වහන් කරගන්න කියලා හිතලා ගිශාන් ඉක්මනට කදුළු පිහිදගත්තා වුනත් වදිද්දි පැතුම්ගේ අම්මගේ කකුලකට වැටුනු ඒ උණුසුම් කදුලු බිංදුවේ බර ඒ අම්මගේ හදවතට හොදට දැණුනා..

 වස්සාන සිහිනේ 🌺 [ZhanYi]Where stories live. Discover now