55 🌺

616 87 87
                                    

කෙනෙක් වෙනුවෙන් හිතේ උපදින හැගීම් මැරුනට පස්සේ ආයෙත් ඒ කෙනා වෙනුවෙන් ඒ හිත අස්සෙම හැගීම් උපදින්න පුලුවන්ද..

"මේ ලෝකේ එක වගේ හත් දෙනෙක් ඉන්නවා කියලා කියනවා මම අහලා තියෙනවා ඒත් වැරදිලාවත් අයියේ ඔයාගේ කුඩඅම්මා මගේ අම්මා කියන මනුස්සයා වෙන්න පුලුවන්ද?"

නුතාරගේ කටහඩ තියුණුයි...ඒ කලු ඇස් අස්සේ සේයාවක්වත් නොපෙනෙද්දි බර හුස්මක් හෙළපු ගිශාන් නුතාරගේ ඒ කොටු ඇගිලි එක්ක තමන්ගේ දිගැටි ඇගිලි පටලව ගත්තා...

"අකී..මට ඔයාට බොරු කියන්න ඕන නෑ... මගේ තාත්තගේ දෙවෙනි බිරිද ඔයාගේ අම්මා තමයි..."

ගිශාන් නුතාරගේ මූණෙන් ඇස් අහකට නොගෙන නුතාරගේ මූණේ සිද්ද වෙන සියුම් වෙනස්කම් පවා නීරික්ෂණය කරා.... නුතාරගේ මූණ දුකින් බරවෙනවා වෙනුවට වුනේ ඒ කට කොණක සමච්චල් හිනාවක් ඇදුන එකයි..

"එහෙනම් මිසිස් උපේක්ෂා අබේවික්‍රම දැන් උපේක්ෂා හේරත් වෙලා... හ්ම්ම්..මගේ තාත්තගේ ,මගේ අක්කගේ , මගේ ජීවිතෙත් කාලා මදිවටද ඒ ගෑණි උබගේ ජීවිතෙත් කන්න ඇවිත් තියෙන්නේ මගෙ අයියේ..?"

නුතාරගේ කටහඩ අස්සේ පුදුමාකාර තරහක් ගැබ්වෙලා තිබ්බේ.. නුතාර තමන්ගේ කේන්තිය පාලනේ කරගන්න උපරිම උත්සාහගත්තා... එකම එක මනුස්සයෙක් ජීවිත කීයකනම් සැනසීම නැති කරලද... නුතාරට උපේක්ෂා ගැන මතකයන් අඩු වුනත් නුතාර දැක්කා එයාට තේරෙන කාලේ ඉදන්ම බිරිදක් නැතුව තමන්ගේ තාත්තා තමන්වයි අක්කවයි බලාගන්න වෙහෙසුන විදිය..අම්මෙක්ගෙ වගකීමුත් ඒ කරමත තියාගෙන තමන්ගේ දරුවොන්ව උස්මහත් කරපු විදිය...දවසෙම නැහිලා නැහිලා රෑට එයාලව නිදිකරවලා ෆොටෝ ඇල්බම් එකක් බල බලා හැමදාම රෑට අඩන විදිය නුතාර දැක්කා... අම්මා කෙනෙක්ගේ රැකවරණය තියෙන්නම ඕන තැන් වල තමන්ගේ අක්කා හරි අසරණ වෙන විදිය නුතාර දැක්කා... පුංචි කාලේ ඉදන් ඒ කෙල්ල තමන්ගේ වයසේ අනිත් කෙල්ලෝ වගේ නොවී ඒ වයසට දරන්න බැරි වගකීම් දරන විදිය..තමන්ට නොලැබුන අම්මෙක්ගේ සෙනෙහස තමන්ගේ මල්ලි වෙච්ච නුතාරට දෙන්න නුතාරා වෙහෙසුන විදිය නුතාර දැක්කා...

 වස්සාන සිහිනේ 🌺 [ZhanYi]Where stories live. Discover now