36 🌺

473 98 38
                                    


"කොහෙද දැන් අපි යන්නේ?"

ගෙදරින් ඇවිල්ලා දැන් විනාඩි ගාණක් වෙනවා..ගිශාන් තවමත් නුතාර එක්කවත් කතා නොකරපු නිසා අන්තිමට බලන් ඉදලා බැරිම තැන නුතාර කතා කරන්න ගත්තා..
නුතාර දිහා එකම එක සැරයක් බලලා ආපිට පාර දිහා බලාගත්තු ගිශාන් ඔන්න කතා කරා..

ඇති යන්තන් නුතාර හිතුවේ ගිශාන්ට ගොළු බෙහෙත් පෙවිලා කියලා..නෝ කතා නෝ සිනා වෙද්දි

"අකිදුට කොහෙද යන්න ඕන..ආස තැනක් තියේද ම්ම්?"

"එහෙමනම් නෑ..ඇයි ඉතින් මගෙන් අහන්නේ ඔයානේ මට වැඩිය මෙහේ ගැන දන්නේ"

නුතාර එහෙම කියද්දි ගිශාන් කරේ නුතාරට ලා හිනාවක් දුන්න එක..

"අකිදු පිළිගන්නැති වෙයි..ඒත් මම ගෝල්ෆේස් එකට ගිහින් තියෙන්නේ දෙපාරයි හරි තුන්පාරයි හරි..මම මගේ වයසේ අනිත් ළමයි වගේ ජීව්තේ වින්දේ නෑ අකිදු..මට එහෙම ජීවිතේ විදින්න අවස්ථාවක් ලැබුනෙත් නෑ..ඔයාම අද දැක්කනේ මගේ තාත්තගේ හැටි"

ගිශාන්ගේ ඒ හඩ වේදනාව කැටිවුන කලකීරිමකින් පිරිලා තිබුනා..නුතාර බලාගෙන ගිශාන් බර හුස්මක් පිටකරන හැටි...

"ජීවිතේ විදින්න වයසක් අදාල නෑ..පුලුවන් හැම මොහොතකම අපි සතුටින් ඉන්න උත්සාහ කරන්න ඕන..අනික ඉතින් මහාලොකුවට නාකිත් නෑනේ"

"නාකි නැද්ද මන්?"

ගිශාන් නුතාර දිහා බලන් හිනාවෙලා අහද්දි නුතාර නෑ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා හරි වේගෙන්

"අකිදු කියනවනම් ඉතින් එහෙම වෙන්නැති..ම්ම්..අපි දැන් නිසදුලාගේ ගෙදර ලගට ගිහින් එයාවත් දාගෙන එයත් එක්කත් කතා කරලා විනෝද වෙන්න පුලුවන්..නෑ..ජීවිතේ විදින්න පුලුවන් තැනකට යන්..එහෙම හොදයිනේ"

"එහෙමයි සර්!.."
නුතාර හදිස්සියේම හමුදා නිළධාරියෙක් ආවේශ වෙලා වගේ සැලුට් එකකුත් ගහලා සද්දෙන් කෑ ගහද්දි මේ කෝලම් දිහා ගිශාන් හරි ආදරණීය බැල්මකින් බලන් උන්නේ

"මෝඩ අලේ.."

"ම්හුක්..නහාය මිරිකන්න එපානේ"
ඉවසගන්න බැරිම තැන ගිශාන් නුතාරගේ නහය අල්ලලා මිරිකද්දි කොල්ලා ගිශාන් අතට පාරක් ගහලා රිදුන නහය අල්ලගෙන අහක බලාගෙන රවන්න ගත්තේ ගිශාන්ට රවන්න බැරිකමටද කොහෙද

 වස්සාන සිහිනේ 🌺 [ZhanYi]Where stories live. Discover now