අලියා පස්සෙන් පැන්නුවේ නැතත් අන්තිමට නුතාර ගිශාන්වත් ඇදගෙන දුවලා දුවලා ගිහින් නතර වුනේ පොඩි ගල්ගුහාවක... එතන ආරක්ෂිතයි...
"හම්මෝ...මම...මෙච්චර වේගෙන දුවලා නැතුවැති පිස්සු බල්ලෙක් පස්සෙන් පන්නද්දිවත්.."
බිම වාඩිවෙලා හති ඇර ඇර ගිශාන් කිව්වේ වේගෙන් ගැහෙන පපුවත් එක අතකින් අතගාන ගමන්...
නුතාරත් ගිශාන්ගේ ලගින්ම බිම වාඩිවෙලා ගිශාන්ගේ පිටට හේත්තුවක් දාන් හති අරින්න ගත්තා.."කොහෙද ඉතින් ගල් පිළිමේ වගේ බලන් මිටියේ නැත්තන් ගහට නැගලා ආතල් එකේ ඉන්නවනේ"
"අනේ මේ..මගෙන් කුනුහබ්බ අහාගන්න තමා අකී ඔය හදන්නේ..."
"කෑ ගහන්න එපා ඉතින්..මම මේ ලගනේ ඉන්නේ"
"මෝඩ අලේ.. මම කිව්වා කැලෑ අස්සේ රින්ගන්න බෑ කියලා..ඇහුවද එකෙක්වත්.."
"නැනේ නැනේ.."
නුතාර තව ටිකක් ගිශාන්ට කිට්ටු වෙලා කන ගාව ඉදන්ම කොදුරද්දි ගිශාන් නුතාරගේ ඉන මිරිකුවේ කුට්ටියක් ගලවලා ගන්න වගේ.."ආව්හ්හ්..මොකද්ද අප්පා.."
"මොකද්ද හොකද්ද නෙවායි බලනවා ෆෝන් එක අරන් සිග්නල් කදුලක්වත් තියේද කියලා"
තවත් ගිශාන්ව අවුස්සලා ඇගේ කැලි කඩාගන්න ඕන නැති නිසා නුතාර හොද ළමයා වගේ කලිසම් සාක්කුවේ තිබ්බ ෆෝන් එක අරන් උස්සගෙන එහෙ මෙහේ කර කර බැලුවත් සිග්නල් කණුවක්නම් ආසවට දකින්න ලැබුන්නෑ..
"අපි අතරමන් වෙලාද?"
"ඒ වගේ... කවුරුහරි හොයන් එනකන් මෙතන්න වෙලා ඉමු"
"කියන ලස්සන විතරක්.."
"ඉතින් වදේ මම මොනවා කරන්නද..මම මොකෝ අලියට එන්න කිව්වද නැනේ"
නුතාර නෝක්කාඩුවෙන් වගේ කියද්දි ගිශාන් සුපුරුදු ඇස් හීනිකරලා දාන බැල්මෙන් නුතාර දිහා බැලුවා"මටද වදේ කිව්වේ ආ?"
"ව්..විකාරද...ඇයි අප්පා මාත් එක්ක එල්ලෙන්නම එන්නේ?"
"එහෙනම් මට ඇලි ඇලි නොයිද යනවා එහාට"
ගිශාන් තරහෙන් එහෙම කිව්වත් ලගින් ඈත් වෙනවා වෙනුවට නුතාර කරේ තව ටිකක් ගිශාන්ට ලන්වෙන එක...
YOU ARE READING
වස්සාන සිහිනේ 🌺 [ZhanYi]
Fanfictionප්රේමය යනු ඔබයි.. පරිත්යාගය යනු ඔබයි.. මා හදවතේ ලැගුම් ගත් අපූරුම ගුරුතුමාද ඔබයි ප්රේමයේ මුල්ම පාඩමත් මම උගත්තේ ඔබෙන්.. මගේ ලෝකේ දුයිෂෙන් ඔබයි.. ❤️💚 Start: 24/04 End: Ranking : #school love - 1 (24/08/30)