53 🌺

451 90 31
                                    

අල්ලගත්තු ඒ තොල් පෙති දෙක රත ගැහෙනකන්ම සිපගත්තු ගිශාන්ට ඒ තොල්පෙති වලින් මිදෙන්නනම් ඕනකමක් තිබ්බෙම නෑ..

"ම්හ්ම්ම්.."

නුතාරගේ මුවින් ගිලිහුණු සියුම් පලමු කෙදිරිල්ල නිසා ගිශාන් ඒ තොල් පෙති උරන එක නතර කරේ ඉබේටමයි... හැගීම් පිරුනු දුඹුරු පාට ඇස් ඒ ආදරේ පිරුනු දගකාර කලුපාට ඇස් එක්ක විනාඩි ගානක් එකට පැටලිලා හැගීම් මාරු කරගත්තා..
අන්තිමේති ඒ රත ගැහුන දෙතොල දිහාවට ඇස් අරන් ගිය ගිශාන් තවත් කෙටි හාදුවක් ඒ ඒ දෙතොලේ තවරලා නුතාරව තමන්ගේ පපුවට තද කරගෙන නුතාරගේ ඇගවටා අත් ඔතාගත්තේ හරිම තදින්...

"මගෙ වස්තුව.."

නුතාරගේ නලලතිනුත් හාදුවක් තවරපු ගිශාන් තවත් ටිකක් නුතාරව පපුවට තද කරගත්තා... නිහඩ සාමකාමී පරිසරයේ ප්‍රේමවන්තයෝ දෙන්නටම හොද හැටි එකිනෙකාගේ හද ගැස්ම දැනුනා... ඒ හදවත් හරි වේගෙන් ලැහෙනවා..හරියට ගමහරහා මැරතන් එකක් දිව්වා වගේ..එක්තරා විදියකට බැලුවොත් මීට තත්පර ගාණකට කලින් එයාලා කරෙත් මැරතන් එකක් දිව්වා වගේම වැඩක් තමා...එකිනෙකාට පරයා දෙතොල්වල අයිතිය තමන්සතු කරගන්න දුවපු දිවිල්ලක් ඒක..

"හිතට හරි සැනසීමයි සුදු චූටියෝ..."

"මීට කලින් ඔය වචන දෙක කිව්වනම් ඉවරයිනේ... කොහෙද ඔයාගෙත් මහා පු# ලයින්නේ අයියේ.."

"කට වහපිය ඇට්ටරයා.."

"ඔයාට බෑ මගේ කට වහන්න..."

"එහෙමද හිතන් ඉන්නේ ම්ම්..?"

"ඔව්..පුලුවන් දෙයක් කරන්න මම කට වහන්නෑ නෑ කිව්..බ්හ්..."

වහන්නෑ කිව්ව කට වැහුනේ ඔය යස අගේට ගිශාන්ගේ තොල් නිසා...
සුදු චූටිගේ කට නිසාම ආයෙත් මෘදු හාදුවක් ආරම්භ වෙද්දි හමාගෙන එන සුළගේ සිසිලස තව තවත් දෙන්නව ලන්කරා...ඒ දැනෙන සිසිළස පරදලා දෙන්නට දෙන්නගේ උණුසුම දිනුවා.. දවස තිස්සෙම කුඹුරු යායවල් වල කෑම හොයලා මහන්සි වෙලා කූඩු වලට පියාඹලා යන ගිරව් රංචුවකුත් මේ ජෝඩුව දිහා බලලා හරි හරියට එක එකාට රහස් කියාගත්තා... 

ඉතින් මේ ප්‍රේමවන්තයෝ දෙන්නගේ කුලුදුල් ආදර වදන් , උණුසුම් වැළද ගැනීම් ,හුවමාරු වෙන හාදු වැස්සවල් මේ නිහඩ වැවයි  මලින් බරවුන රතු අරලිය ගහයි ඒ ගහට තනි රකින සියඹලා ගහා එක්ක වට පිටාවේ හිටපු පොඩි පොඩි සත්තුයි අර ඕපදූප හොයපු ගිරව් රංචුවයි විතරක්ම රහසින් වින්දා...




 වස්සාන සිහිනේ 🌺 [ZhanYi]Where stories live. Discover now